එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අතරතුර රාත්‍රී කාලයේ ඩරම් ප්‍රදේශයේ සැරිසැරූ බවට චෝදනා එල්ල වූ ක්‍රීඩකයින් තිදෙනා අද (29) දහවල් කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.
All online and offline airlines that passengers with a travel history (including transit) in the past 14 days to Angola, Botswana, Lesotho, Mozambique, Namibia, Swaziland, Zambia and Zimbabwe will not be permitted to disembark in Sri Lanka from July 1.
කොවිඩ් එන්නත් ලබාදුන් පුද්ගලයන් දස ලක්ෂයකගේ දත්ත පරිගණක ගත කිරීමක් සිදු වී නොමැති බව අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට තාවකාලික තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද තීරණය කළා.
එංගලන්ත තරග සංචාරය සඳහා එක්වන විට එය ලෙහෙසි නොවන බව දැන සිටි බවත්, පිතිකරුවන් තරගාවලි පරාජයේ වගකීම භාරගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. ඔහු මේ බව කියා සිටියේ එංගලන්තය සමග පැවැති තෙවැනි තරගය ලකුණු 89කින් සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසින් ලජ්ජාසහගත ලෙස පරාජය වීමෙන් අනතුරුවය.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ ඇඟලුම් කර්මාන්තය ඇතුළු අනෙකුත් කර්මාන්ත හා ව්‍යාපාරික ආයතනවල සේවයකයන්ට වැටුප් ගෙවීම සඳහා ලබාදුන් සහන කාලය අවසන් කිරීමට ජාතික කම්කරු උපදේශක සභාවේදී තීරණය කර ඇත.
අනුරාධපුර කහටගස්දිගිලිය මෙරගහවෙල කටුකැලියාව ගම්මානයේ විහාරස්ථානයක් මුල් කර ගනිමින් පැවැත් වූ දන්සලකට එක් වූ නව දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
තිස්සමහාරාම වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබා නොගැනීම නිසා එම කටයුතු වහා නවතා දමන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා යවා තිබේ.
Prof. Neelika Malavige has resigned from the independent expert advisory committee set up by the National Medicinal Regulatory Authority.
මිහින්තලේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් දෙසියයකට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
එංගලන්ත තරග සංචාරය සඳහා ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වහාම යලි මෙරටට කැඳවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා නෙත් සපෝර්ට්ස්මන් වෙත ප්‍රකාශ කර සිටියා.
නිවෙස් තුළ මියයන අයගේ මෘතදේහ බැහැර කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පසුගිය 26 වනදා නිකුත් කර ඇති ලිපිය කොවිඩ් රෝග පාලනයට බරපතළ බාධාවක් වියහැකි බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අනතුරු හඟවයි.
මත්පැන් බෝතල්වල ප්‍රමිතිය සහතික කිරීම සඳහා විශේෂ කේතයක් සහිත ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවලිය එළැඹෙන ජූලි 01 වැනිදා සිට ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි ‘අරුණ’ ට පැවසීය.
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කර තිබෙනවා.
වෛද්‍ය වෘත්තිකයන් හැර අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා අනුමත කළ රුපියල් හත්දහස් පන්සීයක (7500) දීමනාව පළාත් සභා හයක සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මෙතෙක් ගෙවා නැති බව අනාවරණය වෙයි.
The Indian variant known as Delta has been detected from a resident in Relawala Grama Niladhari Division, Jayaliyagama in Kahathuduwa, the Health officials said.
සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන් වාර සංඛ්‍යාව අද සිට වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11 ක් අද පෙරවරුවේ ධාවනයට එක් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, ගාමිණී සෙනවිරත්න පැවසුවේ.
Page 396 of 737