Tuesday, September 23, 2025
Follow Us
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් රුධිර සංචිත පවත්වාගෙන යාමට අභියෝගයක්

පවතින කොරෝනා අවදානම සහ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් රුධිර සංචිත පවත්වාගෙන යාමට අභියෝගයක් එල්ල වී ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය ලක්‍ෂ්මන් එදිරිසිංහ පැවසුවේ කලින් වේලාවක් වෙන්කර ගෙන රුධිරය ලබාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවයි.

ජාතික කටයුත්තක් සේ සළකා ඊට එක්වන ලෙසයි ඔහු සදහන් කළේ.

(Neth)