‘මොරටොරියම්’ සහනයෙන් පාරිභෝගිකයින් මහ පාරට
නිරෝධායන ඇඳිරි නීතිය යටතේ බොහෝ පිරිසකගේ සියලු ආදායම් මාර්ග අවහිර වීමෙන් රටේ ජනතාව මිලියන 8 ක පමණ ප්‍රමාණයක් ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාවල සිටින බවත්, ඉන් 68% ක් රටේ වැඩිහිටි ජනගහනය බවත් ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ ඒකාබද්ධ සංගමයේ ලේකම් අසංක රුවන් පවසයි.
කඩිනමින් ලීසිං ආයතන විගණනයට ලක්කොට නියාමනය කර රටේ ජනතාවට සාධාරණයක් කර ජනතාව බේරාගැනීමට මහ බැංකුව කටයුතු කළ යුතු බවත්, මහ බැංකුව දෙන චක්‍රලේඛ පිළිබඳව ලීසිං ආයතන කිසිදු තැකීමක් සිදු නොකරන බව හෙතෙම පැවැසීය.
‘මොරටොරියම්’ යැයි පැවැසෙන සහනයක් මහ බැංකුව මගින් පාරිභෝගිකයාට ලබාදුන් අතර එය පාරිභෝගිකයා තවත් මහ පාරට ඇද දැමීමක් බව ලේකම්වරයා පැවැසුවේය.
ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
(Aruna)