Tuesday, September 29, 2026
Follow Us
ස්පුට්නික් v එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගත හැකි එන්නත් මාත්‍රා 15,000 ක් දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව ලෙස යොදා ගත හැකි එන්නත් මාත්‍රා 15,000 ක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා.

ඒ, ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සමාගමට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින්.

එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින්, එම සංස්ථාවේ කොළඹ පිහිටි මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ආ බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.

(Neth)