කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ඊයේ උදෑසන 06 යි 30 සිට උදෑසන 10 දක්වා සිදුකෙරුණු විශේෂ ප්‍රවේශපත්‍ර පරීක්ෂාවකදී වලංගු ප්‍රවේශපත්‍රයක් නොමැතිව දුම්රියේ ගමන්කළ 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බිත්තර මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ බිත්තර නිෂ්පාදකයින් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
වසර 2010 න් පසුව මැණික් අපනයනයෙන් ලැබූ ඉහළම ආදායම මේවසරේ වාර්තා වී ඇතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් තේනුවර මහතා කියයි.
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා නුගේගොඩ ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ස්ථානයක ජීව විද්‍යා විෂයට අදාළ සම්මන්ත්‍රණයක් රාත්‍රී 09 සිට උදෑසන 06 දක්වා පවත්වා ඇති බව වාර්තා වනවා. ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිසුන් ඇතුළු 1200 ක් පමණ සහභාගී වී ඇති බවයි වාර්තා වුණේ.
වහාම සපුගස්කන්ද පිරිපහදුව විවෘත කර බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලසිටියි.
Page 167 of 756