Sunday, February 22, 2026
Follow Us
දුම්රියේ දමා ගිය බිළිඳාගේ මව සහ පියා සොයාගනී - මවගෙන් පාපොච්චාරණයක්

ඊයේ (10) රාත්‍රී 7.00ට පමණ මඩකලපුව බලා පිටත්ව යාමට සූදානම්ව තිබූ මීනගයා දුම්රියේ දමා ගොස් සිටියදි මගීන් සහ දුම්රිය බලධාරීන් විසින් සොයාගනු ලැබූ, බිළිඳාගේ මව්පියන් සොයාගෙන තිබේ.


26 හැවිරිදි අවිවාහක යුවළක් වන ඔවුන් දෙදෙනාව බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර තරුණයා දෙහිවල ප්‍රදේශයේ රැකියාවක නිරතවී ඇති අතර තරුණියට දරුවෙකු ලැබීමට සිටින බව ආරංචි වීමෙන් පසු ඇයව ද ගෙන්වාගෙන කොළඹ ප්‍රදේශයේ නතර කරගැනීමට ඔහු කටයුතු කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව පසුගිය 25 වැනිදා දරුවා ලැබී ඇති අතර ඊයේ මෙලෙස දුම්රිය තුළ දමාගොස් තිබුණි.

බණ්ඩාරවෙල නායබැද්ද හා කොස්ලන්ද යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

එහිදී දරුවාගේ මව පොලිසියට පවසා ඇත්තේ, කවුරුන් හෝ බිළිඳාව රැගෙන ගොස් ආරක්ෂාකාරීව හදාගනී යැයි සිතා එලෙස දමාගිය බවයි.