Sunday, February 22, 2026
Follow Us
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ඉකුත් මාර්තු 08 වනදාට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ ගුවන් ගමනක් සංවිධාන කර තිබිණ.


කාන්තා කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද ගුවන් ගමනක් සමඟින් ගුවන් සේවයේ කාන්තාවන්ගේ බලය සමරනු ලැබුවේ UL131 ගුවන් යානය 2023 මාර්තු 8 උදෑසන ට්‍රිචි බලා ගමන් කිරීමෙනි.
මෙම ගුවන් කාර්ය මණ්ඩලය කපිතාන් චාමිකා රූපසිංහ, පළමු නිලධාරි බිමාලී ජීවන්දර, පර්සර් රොෂානි දිසානායක, මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල සහ ගුවන් සේවිකාවන් වන ලක්මිණි දිසානායක, ජයකලනී කින්සන් සහ හර්ෂි වල්පොල කංකානමාලගේ යන කාන්තාවන්ගෙන් සමන්විත විය.