මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එකතු වීම වැළැක්වීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේ නිල්වලා ගඟ ආශ්‍රිතව ඉදි කළ ලවණ බාධකය හේතුවෙන් වී වගාවට සිදු වූ හානි සලකා වත්මන් රජය යටතේ 2026 අයවැය මඟින් රු. මිලියන 1200ක මූල්‍ය ප්‍රතිපාදන මෙම වගා හානි වෙනුවෙන් ගෙවීම සඳහා වෙන් කර තිබේ.
ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දරුණු ගණයේ අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ මෙරටට රැගෙන විත් තිබේ.
අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය මහෝත්සවය 2026 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවට වාර්තා වෙී තිබේ.
සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් පරිදි හිස තෙල් ගෑමේ නැකත අද (15) පෙරවරු 6.55ට යෙදී තිබුණු මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ශ්‍රී මහා නාථ දේවාල භූමියේදී එම රාජ්‍ය මහෝත්සවය පැවැත්විණි.
ආබාධිත පුද්ගලයින් සඳහා පතුල් පහළ ප්‍රමුඛතා බස්රථ සේවාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස හෙට 21 මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට ක්‍රියාත්මක කෙරේ
'ක්ලීන් ශ්‍රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහනේ 2026 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සහ පසුගිය වර්ෂයේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (17) පැවැත්විණි.
ශ්රී ලංකා නාවික හමුදාව, දිගු දුර මෙහෙයුම් නෞකා මඟින් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දේශීය බහුදින ධීවර යාත්‍රාවක් සැකකරුවන් සිව් දෙනෙකු (04) සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මීගමුව පොලිස් වසමේ විස්ක්‍රින් මාවත ප්‍රදේශයේදී මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (12) වැටලීමක් සිදුකර නීති විරෝධි මත්පැන් ලීටර් 67.5 ක් (බෝතල් 90) සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි
රජයේ හා රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරු දැරියන්ට හා රජයේ අනුමත පිරිවෙන්වල ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට, සීල මාතාවන්ට සහ ගිහි සිසුනට 2026 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි සමස්ත ප්‍රමාණය බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි
අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
Page 16 of 762