Thursday, July 02, 2026
Follow Us
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යා ආයතනයේ සියවසක අභිමානය සමරයි
අනාගත සෞඛ්ය අභියෝගයන්ට මුහුණ දියහැකි සෞඛ්ය සේවක පිරිසක් බිහිකළ යුතුයි
අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය

 

අනාගත සෞඛ්ය අභියෝග ජය ගැනීමට නම්, වෙනස්වන අවශ්යතාවන්ට අනුවර්තනය විය හැකි කුසලතාපූර්ණ සෞඛ්ය සේවක පිරිසක් බිහිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
 
ශ්රී ලංකාවේ මහජන සෞඛ්ය ක්ෂේත්රයේ ප්රමුඛතම ජාතික පුහුණු ආයතනය වන කළුතර ජාතික සෞඛ්ය විද්යා ආයතනයේ (NIHS) සිය ශත සංවත්සරය (1926–2026) නිමිත්තෙන් සංවිධානය කළ ඓතිහාසික ශත සංවත්සර සම්මේලනය ඊයේ (01) කළුතර ජාතික සෞඛ්ය විද්යා ආයතන ශ්රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ කරමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් ක⁣ළාය.
 
රටේ මහජන සෞඛ්ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා එම ආයතනය සියවසක් පුරා ඉටු කළ විශිෂ්ට මෙහෙවර අගය කරමින් පැවැත්වුණු මෙම උත්සවය අමතමින් අග්රාමාත්යවරිය සඳහන් කළේ, ජාතික සෞඛ්ය විද්යා ආයතනයේ ශත සංවත්සරය ශ්රී ලංකාවේ මහජන සෞඛ්ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, එය රටේ මහජන සෞඛ්ය සේවක පිරිස බිහිකිරීම සහ රෝග නිවාරණ සෞඛ්ය සේවා ප්රවර්ධනය සඳහා සියවසක් පුරා සිදු කළ මෙහෙවරට ලැබුණු විශාල පිළිගැනීමක් බවයි.
 
මාතෘ හා ළමා සෞඛ්ය, ප්රතිශක්තිකරණ වැඩසටහන්, රෝග නිවාරණය වැනි ක්ෂේත්රයන්ගෙන් ශ්රී ලංකාව ලබා ඇති ජයග්රහණ ශක්තිමත් මහජන සෞඛ්ය ආයතන සහ සෞඛ්ය වෘත්තිකයන්ගේ කැපවීම මත ගොඩනැගී ඇති බවද අග්රාමාත්‍යවරිය අවධාරණය කළාය.
 
එමෙන්ම, වයස්ගත වන ජනගහනය, බෝ නොවන රෝග ව්යාප්තිය සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන නව සෞඛ්ය අවදානම් ජය ගැනීමට නම්, වෙනස්වන අවශ්යතාවන්ට අනුවර්තනය විය හැකි කුසලතාපූර්ණ සෞඛ්ය සේවක පිරිසක් බිහිකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවද අග්රාමාත්යවරිය පෙන්වා දුන්නාය.
 
නවීන සෞඛ්ය යටිතල පහසුකම්, ප්රාථමික සෞඛ්ය සේවා සහ ඩිජිටල් තාක්ෂණය වෙනුවෙන් රජය අඛණ්ඩව ආයෝජනය කරන බවද අග්රාමාත්යවරිය මෙහිදී පැවසුවාය.
 
මෙම සම්මේලනයේදී සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂ දේශන පැවැත් වූ අතර "NIHS – Past, Present and Future" යන තේමාව යටතේ ප්රධාන දේශනය ආචාර්ය තුෂාර ප්රනාන්දු මහතා විසින් පවත්වනු ලැබිය.
 
මෙම සුවිශේෂී සන්ධිස්ථානය සනිටුහන් කරමින් "NIHS – 100 Years" සමරු ග්රන්ථය එළිදැක්වීම සහ ශත සංවත්සර සමරු මුද්දරය නිකුත් කිරීම ද මෙහිදී සිදු විය.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නිහාල් අබේසිංහ මහතා, ජාතික සෞඛ්ය විද්යා ආයතනයේ අධ්යක්ෂ , ලෝක සෞඛ්ය සංවිධානයේ සහ හවුල්කාර සංවිධානවල නියෝජිතයින්, විද්වතුන්, සෞඛ්ය වෘත්තිකයින් සහ ආදි ශිෂ්යයන් ඇතුළු ආරාධිත අමුත්තන් විශාල පිරිසක් සහභාගී වූහ.