ශාන්තිකර්මයක් අතරතුර කාන්තාවක් අධික ලෙස රෝගී වී රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ පුවතක් ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වුණි.
මියගොස් ඇත්තේ මැණික් පතල් ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක්ය.
ශාන්තිකර්මය සිදුකළ පුද්ගලයා එම කාන්තාවට රාත්‍රී කාලය තුළදී පමණක් තැඹිලි ගෙඩි 21ක් පොවා, ඉන් රෝගී වූ පසු කහ දියර ද පොවා ඇති බව මූලික පොලිස් විමර්ශනවල දී හෙළිවී ඇත.
ලග්ගල පොලිස් වසමේ දාස්ගිරිය, හත්තොටඅමුණ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසේ ඉකුත් 16 වනදා ශාන්තිකර්මයක් පවත්වා තිබුණි.
ඒ 16 වැනිදා සවස සිට 17 වැනිදා අලුයම දක්වාය.
මැණික් පතල් කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ඔහු ශාන්තිකර්මය සංවිධාන කර තිබුණේ යම් රෝගී තත්ත්වයකින් පෙළුණු සිය බිරිඳ වෙනුවෙන් සහ දරුඵල බලාපොරොත්තුවෙන් සිටි යුවළක් වෙනුවෙනි.
ශාන්තිකර්මය සිදුකර ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙක් වන අතර ඔහු එම ව්‍යාපාරිකයාගේ පතලක සේවකයෙකි.රැය පුරා සිදුකළ ශාන්තිකර්මයෙන් පසු එම තරුණයා අදාළ කාන්තාවට සහ අනෙක් යුවළට, එක් අයෙකුට තැඹිලි ගෙඩි 21 බැගින් මතුරන ලද තැඹිලි ගෙඩි 63 ක් පැය කිහිපයක් පුරා පානය කිරීමට ලබා දී තිබේ.
එහිදී ව්‍යාපාරිකයගේ බිරිඳ රෝගී වී ඇති අතර පසුව ඇයට කහ දියර ද බීමට දී ඇති බව වාර්තා වේ.
කහ දියර පෙවීමත් සමඟ රෝගී තත්ත්වය උත්සන්න වූ කාන්තාව දාස්ගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යැවුණු කාන්තාව එහිදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මියගිය කාන්තාවගේ වයස අවුරුදු 48කි.
-Aruna
ගර්භාශයෙන් පිටත පිහිටි දුර්ලභ ගණයේ කලල පිහිටීමකට සිසේරියන් සැත්කමකින් පසු සාර්ථක දරු උපතක් සිදු කිරීමට කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ඊයේ (16) සමත් වී තිබේ.
ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලක්ෂ 75කට ප්‍රමාණවත් ආහාර වේලක් නොමැති බවට මාධ්‍ය කිහිපයක පළ කර ඇති වාර්තා ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.
වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීමට සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.
ඔරුගොඩවත්ත - අඹතලේ මාර්ග කොටසෙහි (Low level Road) අලුත්වැඩියා කටයුතු මාස 03ක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.
සංචාරක ව්‍යාපාරය සඳහා කිරින්ද හම්බන්තොට හා දකුණේ ධීවර වරායන් රැසක් සංවර්ධනය කළ යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවෙන් රටතුළ ව්‍යවසායකත්වයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත ' පාසල් කර්මාන්ත ව්‍යවසායකත්ව කව ' වැඩසටහනේ මූලික අදියර ලෙස ගුරුවරුන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුව ඊයේ (15 ) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේදී ආරම්භ කෙරිණි.
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පිටවීමේ මගී පර්යන්තය තුළ ගුවන් මගීන් සහ විශේෂ අමුත්තන් සඳහාවන සෝ සිලෝන් ආලින්ද පහසුකම හා ආපන ශාලා පරිශ්‍රය විවෘත කිරීම ඊයේ (11) සිදු කෙරිණි.
අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් කතරගම දේවාලය ඉදිකළ දුටුගැමුණු රජතුමා දුන් නියෝගයක් අකුරටම ඉටු කරමින් තවලම කතරගම පුජා භුමියට අද පැමිණියේය.
වසර 7ක් තිස්සේ ජාතික කැරම්ශුරීය වන 2022 මැලේසියාවේ පැවැති ලෝක ශූරතා තරඟාවලියේ රිදී පදක්කම දිනූ, කොළඹ පංචිකාවත්තේ පදිංචි ජේ. රොෂීටා ක්‍රීඩිකාව විශේෂ ඇගයීමට ලක් කිරීම, කොළඹ සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) සිදු කෙරිණි.
බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර කාර්යමණ්ඩලය ද සහභාගී කරගනිමින් සංස්කෘතික අමාත්‍යංශය ලෙස තවත් නව වැඩපිළිවෙළක් ආරම්භ කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
සුරාබදු නිලධාරින්ගේ ආරක්ෂාව සදහා ඉදිරියේදී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 118 ක් මිලදී ගැනීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් පැවැති මෙරට ජාතික වැඩසටහන නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ දී ඊයේ (14) පැවැතිවිණි.
නීරෝගීමත් ජනතාවගෙන් සපිරි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා රටේ අනාගතයවන් දරුකැළ වෙත දේශීය වෛද්‍ය ක්‍රමයේ මහිමය හා විශිෂ්ඨත්වය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් “සුව ධරණී-සිසු නැණ දිරිය ”නමින් අන්තර් පාසැල් දීප ව්‍යාප්ත ප්‍රශ්න විචාරාත්මක තරඟාවලියක් පැවැත්වීමට දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කර තිබේ.
උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ඇති භූමිය තුළ දීර්ඝ කාලයක සිට ජීවත්වන හා වගා කටයුතු කරන ජනතාවට එම ඉඩම් සඳහා ඔප්පු ලබා දීමේ ක්‍රියාවලියක් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ඉඩම් අමාත්‍යාංශය ආරම්භ කර තිබේ.
Page 123 of 740