මේ දිනවල වාර්තාවන අපරාධ රැසකට නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සංසරණය ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් ඒවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කිරීමට පොලීසිය තීරණය ඇති බව වාර්තා වෙයි.
රේගුව මගින් අත්අඩංගුවට ගැණුන රුපියල් කෝටි 65ක් වටිනා හෙරොයින් තොගය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් වෙයි.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ඊයේ (19) සිට 2023. 07. 04 දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සීතාවකපුර නගර සභාවේ වැඩ බලන ලේකම් සහ ආදායම් පරීක්ෂකවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට පෙරත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විසින් අත්අඩංගුවට ගෙන ඇපමත නිදහස්ව සිටි කාන්තාවක් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලිවලට පෙනි සිටිමට පැමිණි අවස්ථාවේදී කාර්යංශ නිලධාරීන් විසින් ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.
විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය කඩකර ඇති බව තහවුරු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරුමැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬවම් පමුණුවන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ශ්‍රීනාත් ගුණසේකර මහතා විවෘත අධිකරණය හමුවේ අද පැවැසීය.
ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කිසිඳු බාහිර පාර්ශ්වයකට මුදල් ලබා නොදෙන ලෙස ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දැනුම් දෙයි.
සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් බව පවසමින් විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් එක් රැස්කරන ජාවාරම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුවන බවත් එවැනි පුද්ගලයින් සමග සිදුකරන ලබන කිසිදු ගනුදෙනුවකට හෝ පොරොන්දුවකට තමන් වග නොකියන බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.
කොළඹ නගරයේ ජීවත් වන සහ නගරයට පැමිණෙන දෙස් විදෙස් සැමට බලපාන පාරිසරික හා දේශගුණික ගුණාත්මකභාවය උදෙසා සැලැස්මක් ඇති කිරීම පිළිබඳ සමාරම්භක සාකච්ඡාවක්, කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශයේ දී පසුගිය සතියේ දී පැවැත්විණි.
අනතුරු හේතුවෙන් දිනකට මෙරට පුද්ගලයින් 32ත් 35ත් අතර පිරිසක් මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් සුවිශේෂී තොරතුරු ඒ සඳහා ස්ථාපනය කර ඇති දුරකථන අංකය ඔස්සේ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
මෙරට හදවත් රෝගී සංඛ්‍යාව වැඩි වීමේ අවදානමක් ඇති වී තිබෙන බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනිදු පතිරණ අවධාරණය කළේය.
රජයේ විශ්වවිද්‍යාලයන්ට පමණක් නොව, පෞද්ගලික විශ්වවිද්‍යාලවලටත් අවස්ථාව ලැබෙන ආකාරයට දරුවන්ට පහසුකම සලසා දීම වැදගත් බවත්, ඒ සම්බන්ධයෙන් වන ණය ක්‍රමයේ දැනට මතුව ඇති මුල්‍ය ගැටලු විසඳීමට රජය කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අද(23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
යූ ටියුබ් නරඹා ගිනි අවි නිදපවූ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
‘දීඝවාපිය’ සහ ‘නීලගිරි සෑය’ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ රැස්වීමක් ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරක්‍ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
"Industry 2023" ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ (22) ආරම්භ විය.
අධ්‍යාපන, සංස්කෘතික හා කලා ශිල්ප යන අංශයන් මූලික කරගනිමින් මහවැලි සංචිත නිර්මාණය කිරීමේ වැඩසටහනට සමගාමීව ප්‍රායෝගික පුහුණු වැඩමුළුවක් පසුගිය 15,16, 17 තෙදින හුරුළුවැව කලාපයේ දී පැවැත්විණි.
කොළඹ අවිස්සාවේල්ල පරණ පාර (Low Level) මාර්ගයේ ඔරුගොඩවත්ත - අඹතලේ කොටස කඩිනමින් සංවර්ධනය කර වැඩ අවසන් කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Page 122 of 740