රුහුණු කුමාරි දුම්රිය නැවතත් හෙට (16) සිට මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගතවූ පැය 24ක කාලය තුළදී තුළදී යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 897ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
බෝධි සත්ත්වයෙකු වශයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නමැත්තාගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) නියෝගයක් නිකුත් කළේය.
සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හින්දු භක්තිකයින් සුර්ය දෙවියන් නමදින තෛපොංගල් උත්සවය අදට (15) යෙදී තිබේ.
ඉදිරියේදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හරහා පළාත් පාලන ආයතනයන් මගින් සංචාරක ආකර්ශණීය ස්ථාන සංවර්ධනය කිරිම සඳහා මහ භාණ්ඩාගාරයෙන් සෘජු ලෙස ප්‍රතිපාදන වෙන් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.
The newly appointed Indian High Commissioner Santosh Jha visited the Gangaramaya Temple this morning and enaged in religious observance and invoked blessings
මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රවාහන අමාත්‍යවරයා, ජාතික ගමනාගමන කොමිසම් සභාව , පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය හා සියලු ම පළාත් ආණ්ඩුකාරවරුන් දැනුවත් කර සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී (CCTV) කැමරා සවිකිරීමට අදහස් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.
නොමිලේ දෙන දුම්රිය එන්ජින් බලන්න ලංකාවෙන් ඉන්දියාවට 65ක් ගොස් නැති බව මහාමාර්ග ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන "යුක්තිය මෙහෙයුම" ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇත.
උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්නපත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.
Sri Lanka is ranked 4th in among the top solo travel destinations this year, by the prestigious Forbes magazine.
වර්තමාන රජයේ ප්‍රතිපත්තිය දීර්ඝ කාලීන දඩුවම් ලබාදීමට වඩා පුනරුත්ථාපන ක්‍රියාවලිය මඟින් වැරදිකරුවන් යහමාර්ගයට ගැනීම බවත් එම ක්‍රියාවලිය තුළින් බන්ධනාගාර තදබදයට විසදුමක් ලබාගතහැකි බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
තෛපොංගල් උත්සවය නිමිත්තෙන් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මත්පැන් අලෙවිසල් ලබන 15 වැනිදා වසා තැබීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙයි.
රුපියල් මිලියන 337ක විදෙස් ආධාර යටතේ ප්‍රධාන පාරිසරික ව්‍යාපෘති හයක් ඔස්සේ මෙම වසරේදී මෙරට පාරිසරික ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Page 121 of 768