Friday, February 13, 2026
Follow Us
යුක්තියට ඔත්තු දුන්නොත් මුදල් තෑගි

පසුගිය වසරේ දෙසැම්බර් 17වැනිදා සිට ක්‍රියාත්මක “යුක්තිය“ මෙහෙයුම මඟින් සිදු කරනු ලබන සාර්ථක අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු ලබා දෙන ඔත්තුකරු ඇගයීම සදහා ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිසිය තීරණය කර ඇත.

එම තොරතුරු ලබාදෙන පුද්ගලයින්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියළුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ අධ්‍යක්‍ෂවරුන් ඇතුළු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.