Friday, February 13, 2026
Follow Us
අධිවේගී මාර්ගයේදී මියගිය කොස්තාපල්ගේ පවුලට රුපියල් ලක්ෂ 15ක මුදලක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක වශයෙන් සේවය කළ අභාවප්‍රාප්ත පොලිස් කොස්තාපල් අනුරාධ ජයකොඩි මහතාගේ පවුලට රුපියල් ලක්ෂ 15ක් ලබා දීමට පොලිසිය කටයුතු කර තිබේ.

 

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අතින් මෙම මුදල් පරිත්‍යාගය සිදු කර ඇත.

එමෙන්ම මිය ගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට ද උසස් කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස සේවය කළ අනුරාධ ජයකොඩි මහතාය