Friday, February 13, 2026
Follow Us
පොලිස් නිලධාරීන්ට සිවිල් ඇඳුමින් වාහන නතර කරන්න බැහැ

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නව උපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ(19) මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව පැවසීය.

 

එම නව උපදෙස් මාලාව සියලුම පොලිස් ස්ථානවලට යොමු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය 18 වැනිදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.