ධීවර අමාත්‍යංශයට අයත් ජාතික ජලඡ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) අධ්‍යක්ෂක ජනරාල් තුමාගේ උපදෙස් පරිදි සේවක සුභ සාධක සංගමයට ආධාර පිණිස මුහුදු පාසි මෙන්ම මත්ස්‍ය ආහාර ඇතුළත් භාණ්ඩ පොළක් පසුගියදා නාරා ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
දකුණු කොරියාවේ පැවැත්වෙන 25වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
හන්තාන වතුයායේ ඉඩම් කට්ටි කිරීමේ වැඩසටහන අත්හිටුවන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වනවිට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසයි.
ගල්කිස්සේ සිට කන්කසන්තුරේ දක්වා සති අන්ත සංචාරක දුම්රියක් ලබන අගෝස්තු මස 4 වැනිදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්ය බන්දුල ගුණවර්ධන අද (25) පැවසීය.
එම දුම්රිය සිකුරාදා රාත්‍රී 10.30 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් පිටත් වී සෙනසුරාදා අලුයම 6.00 ට කන්කසන්තුරේට ළඟා වන බවත්, ඉරිදා රාත්‍රී 10:30 ට කන්කසන්තුරෙන් පිටත්ව එම දුම්රිය සඳුදා අලුයම 6.00 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළඟාවීමට නියමිත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
නල්ලූර් උත්සවය ඉලක්ක කර ගනිමින් මෙම දුම්රිය අගෝස්තු මස 18 වැනිදා සිට දිනපතා ධාවනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අධි සුඛෝපභෝගී දුම්රියේ ආපනශාලා ඇතුළු සියලුම පහසුකම් ඇති බවත් එම දුම්රියේ ප්‍රවේශපත් කලින් වෙන්කරවා ගත යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ආහාර සුරක්ෂිතතාවය (කෘෂිකර්ම, සත්ත්ව පාලනය සහ ධීවර කටයුතු) පිළිබඳ සංකල්පීය ප්‍රතිපත්ති රාමුවේ කෙටුම්පත කෙටි, මධ්‍යම හා දිගුකාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභාවේ අනු කාරක සභාවට ඉදිරිපත් කරන ලදී.
ලෝක මිහිකත විවාහක රූ රැජින – 2023 ( Mrs Earth International ) ලෙස කිරුළ දිනා ගත් අම්පාර 21 හැවිරිදි සෂ්මි දිසානායක මහත්මිය ඊයේ (26) දහවල් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
2023 ලෝක විවාහක මිහිතල රැජින කිරුළ (Miss Earth Sri Lanka 2023) හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායක සමත්ව තිබේ.
මෙරටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු මුතුරාජා හස්තියා නැවත තායිලන්තයට ගෙන යාම නිසා ලංකාවට දෙස් විදෙස්හි වශයෙන් ලැබුණු අප්‍රසාදය සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා අවධානය යොමු විය.
අගෝස්තු පළමුවනදා සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය පරිපාලන සේවයේ නිලධාරින් ඇතුළු සෙසු විධායක ශ්‍රේණියේ නිලධාරින්ට සිය දෛනික පැමිණීම හා පිටවීම සටහන් කිරීම සඳහා ඇඟිලි සළකුණු යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය කර තිබේ.
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 55,000 ඉක්මවා ගොස් තිබේ.
රුපියල් 25,000ක මාසික කුලියකට නිවසක මෙහෙකාරකමට ලබාදුන් වයස අවුරුදු 17ක දැරියකගේ සිරුරක් හමුවී තිබුණි.
රුපියල් කෝටි 21 ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ සහ කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (26) සවස අත් අඩංගුවට ගෙන ඇත.
කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 දෙනෙකු , එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ එරටින් පිටුවහල් කර අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබේ.
විදේශ රැකියා සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන දරුවන් සිටින කාන්තාවන් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
අද ලෝකය ඉල්ලන්නේ නිපුණතාවෙන් හෙබි වෘත්තිකයන් බවත් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස (ජර්මන් ටෙක්) ආයතනයේ පාඨමාලාවන් හදාරන සිසුන්ට එවැනි වෘත්තීය පිළිගැනීමක් ජාත්‍යන්තර මට්ටමින් පවතින අතර රැකියාවන් ඔවුන් සොයා පැමිණන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Page 124 of 747