Friday, February 13, 2026
Follow Us
සංචාරක ඇමැති සහ ලංකා පොලීසිය අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට වැඩිදුරටත් ආරක්ෂාවක් සැපයීම හා ඇතැම් සංචාරක කලාපවල පවතින ගැටලුකාරී තත්ත්වයන් සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ සහය ලබාගත හැකි ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු නිලධාරීන් මෙන්ම සංචාරක අමාත්‍යාංශය ඇතුලු ආයතන නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.

තව ද තරුණ ප්‍රජාව වෙනුවෙන් යෞවන කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියත්මක කළ හැකි වැඩසටහන් පිළිබඳව ද මෙහි දී වැඩිදුරටත් අවධානය යොමුව තිබේ.