Friday, February 13, 2026
Follow Us
"ලක් අභිමන් 2024" ගෞරව සම්මාන උලෙළේ ඇගයීම් 

ශ්‍රී රාජකීය පදනම මගින් සංවිධාන කරනු ලැබූ "ලක් අභිමන් 2024" ගෞරව සම්මාන උළෙල පසුගියදා (14) මහනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණ.

ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමාජ සුබසාධනයට සම්බන්ධ වූ පිරිස්, රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, ව්‍යවසායකයින්, ආරක්ෂක අංශ නිලධාරීන් හා රට වෙනුවෙන් දිවි පිදු රණ විරුවන් ඇගයීම මෙම සම්මාන උළෙලේ අරමුණ විය.

ශ්‍රී රාජකීය පදනමේ නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය සම්මානිත මහාචාර්ය චින්තක සමන් කුමාර මහතාගේ උපදෙස් මත, ශ්‍රී රාජකීය පදනමේ ජාතික සංවිධායිකා දේශමාන්‍ය තක්ෂිලා සෙනෙවිරත්න මහත්මිය විසින් මෙම උත්සවය සංවිධාන කර තිබිණ.