Tuesday, May 12, 2026
Follow Us
Social and Equity

නව්‍යකරණය වෙමින් පවතින මෙරට තැපෑලට මිලියන 590 කට අධික වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක්

සමස්ථ ව්‍යාපෘතිය සදහා වෙන්කර කර ඇති මුදල රුපියල් මිලියන 849ක්.

Social and Equity

අර­ග­ලය පැවති 2022 වසරේ මැයි 9 දා නිට්ට­ඹුව නග­ර­යේදී පොලො­න්න­රුව දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී අම­ර­කීර්ති අතු­කෝ­රළ මහ­තාට සහ ඔහුගේ ආර­ක්ෂක නිල­ධා­රි­යාට පහර දී ඝාත­නය කිරීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් 41 දෙන­කුට එරෙ­හිව ගම්පහ මහා­ධි­ක­ර­ණයේ දී ත්‍රිපු­ද්ගල විනි­සුරු මඬු­ල්ලක් හමුවේ විභාග කෙරුණු නඩුවේ තීන්දුව අද (11) දින ප්‍රකා­ශ­යට පත් කිරී­මට නිය­මි­තය.

Social and Equity

මෙරට මලයගම් ප්‍රජාවගේ දිරාපත්වුණු පේළි නිවාස අලුත් වැඩියා කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ අටසිය විසිපහක (රු.82,566,020.00) වටිනාකමින් යුතු සෙවිලි තහඩු ප්‍රමාණයක් ලබා දීමට පියවර ගෙන ඇත.

Social and Equity
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය රුහුණු විශ්ව විද්යාලයේ කෘෂි විද්යා පීඨය සමග එක්ව දකුණු පළාතට විශේෂිතව ස්ථාපිතකරන සේවා හා ආධාරක මධ්යස්ථානය - “Harvest Centre” විවෘත කිරීම විද්යා හා තාක්ෂණ අමාත්ය මහාචාර්ය ක්රිෂාන්ත අබේසේන මහතාගේ ප්රධානත්වයෙන් අද දින (12) රුහුණු විශ්ව විද්යාලයීය කෘෂි විද්යා පීඨ පරිශ්රයේ දී සිදු කෙරිණි. දකුණු පළාතේ ව්යවසායකත්වය, නව නිපැයුම්කරණය, පර්යේෂණ වාණිජකරණය සහ ආරම්භක ව්යාපාර සංවර්ධනය හා පෝෂණය කිරීම මෙම 'Harvest Centre' තුළින් සිදු කිරීමට අරමුණු කෙරේ.
Social and Equity
විෂ මත්ද්රව්ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්යම පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් හෙට (11) ප.ව 2.30ට නුවරඑළිය නගරයේදී පැවැත් වේ.
Social and Equity
ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ වන්දනාව සිව්වැනි දිනයට අද (08) පැවත් වේ.
Social and Equity

අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රියට Thermal Camera පද්ධති සවි කිරීමට කටයුතු කර තිබේ

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ අතර එම කමිටුවෙන් මේ වන විට සාර්ථකව විසදුම් ලබා ගෙන ඇත.

එහිදී දුම්රිය කාලසටහන් වෙනස් කිරීමද සිදු කරන ලද අතර නියමු පර්යේෂණයක් ලෙස මාස දෙකක් ඇතුළත ආත්ර් සී ක්ලාක් අයතනයෙන් හඳුන්වා දුන් Thermal Camera පද්ධති වනඅලි වැඩිපුර ගැවසෙන දුම්රිය මාර්ග ප්‍රදේශවල දුම්රිය කිහිපයක සවි කිරීමට තීරණය විය.

ඒ් අනුව එම කැමරා පද්ධති දුම්රියේ සවි කිරීම ඊයේ(11) දෙමටගොඩ දුම්රිය අංගනයේ දී සිදුවිය. මෙම කැමරා පද්ධතිය සවි කිරීමෙන් අනතුරුව ඉදිරි සතියක කාලයක් තුළ එහි සාර්ථකත්වය අත්හදා බැලීමට කටයුතු යොදා ඇති අතර පුලතිසි දුම්රියේ දී එම අත්හදා බැලීම සිදු කිරීමට නියමිතය.

එම කාර්යෙන් පසුව මෙම කැමරා පද්ධතියේ එකතු කළ යුතු නව්‍යතා පිළිබද ඉදිරියේදී තීරණය කිරීමට නියමිතය.

අලිඇතුන් දුම්රියේ ගැටීමට විසඳුම් ලෙස දුම්රිය රියදුරු නිලධාරීන් ඒකාබද්ධතාවයෙන් උතුරු හා මඩකලපු සහ වනාන්තර ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන්හි රාත්‍රී දුම්රිය වාරවලදී අලි ඇතුන් ගැටෙන තැන් පිළිබඳ අවධානයෙන් ගමන් කිරීම සඳහා දැනුවත් කිරීමටත්, ඒ සඳහා දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා නිසි පුහුණුවක් ලබා දීමටත්, මෙම කටයුත්ත සඳහා ස්වේච්ඡාවෙන් දායක විය හැකි පරිසර කණ්ඩායම් ඒකාබද්ධ කර ගැනීමේ ක්‍රියාමාර්ග ගෙන ඇත.

මීට අමතරව අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සදහා දුම්රිය මාර්ග දෙපස සංඥා පුවරු සවි කිරීමේ කටයුතු සිදු කරන ලද අතර දුම්රිය රියදුරන් පූර්වයෙන් දැනුවත් කිරීම මෙහි අපේක්ෂාව වේ.

Social and Equity
බෝරා ප්රජාවේ අධ්යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Social and Equity
පොත් අරගෙන ගමින් ගමට යාම සුන්දර අත්දැකීමක්
- ප්රවීණ ලේඛක මහින්ද ප්රසාද් මස්ඉඹුල
Social and Equity

සෞදි අරාබි රාජ්‍යයේ නිල ආරාධනයකට අනුව එරට රියාද් නුවර පැවැත්වෙන 2026 ලෝක ආරක්‍ෂක ප්‍රදර්ශනයට එක්වීම සඳහා, ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) නිල සංචාරයක නිරත විය.

Social and Equity

‘විෂ මත් ව්‍යසනය පරදන රටම එකට’ ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන හෙට (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය, ග්‍රෙගරි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවති.

Social and Equity

සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා වන ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සියලු වෘත්තීය සමිතිවල එකඟතාව පළ කර ඇත.

Social and Equity

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්යම පළාත් වැඩසටහන සඳහා සහභාගිවීමට නුවරඑළියට යන අතරතුර අද (11) පෙරවරුවේ එම දිස්ත්රික්කයේ වතු කම්කරු ජනතාවද හමු වී ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

Social and Equity

කොළඹ හුණු­පි­ටිය ගංගා­රාම විහා­ර­ස්ථා­නයේ පැවැ­ත්වෙන දෙව්නි මෝරි සර්වඥ ධාතු ප්‍රද­ර්ශ­නය හෙට (11) පෙර­වරු 6.00න් අව­සන් කර නැවත ඉන්දි­යාව බලා වැඩම කර­වී­මට නියමිත බැවින් අද (10) රාත්‍රී 10.00න් පසුව පෝලින්වලට එක්වීමෙන් වළකින ලෙස ගංගා­රාම විහා­රා­ධි­පති ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ බැති­ම­තු­න්ගෙන් ඉල්ලා සිටි­යහ.

Social and Equity

අපේ රටේ ප්‍රධානතම ශක්තිය තිබෙන්නේ අපි එක්වන තැනයි 

අද දේශපාලනයක්, දැක්මක් සහ දෘෂ්ටිවාදයක් තිබෙන්නේ ආණ්ඩුවට පමණයි 

හදිසි නීතිය දීර්ඝ කිරීම යළි ගොඩනැඟිමේ වැඩපිළිවෙළ වේගවත්  කිරීමට පමණයි : එය කිසිසේත් මර්දනීය උපකරණයක් ලෙස භාවිතා කරන්නේ නැහැ

-ජනපති මහනුවරදී

Social and Equity

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට වූ චෝදනාවට වරදකරු වූ 12 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණි.

Social and Equity

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

Social and Equity

උපරිමාධිකරණ සංකීර්ණය තුළ ලබා දෙන තීන්දු තීරණ, මෙරට යුක්තියේ ස්වභාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය මැනවින් පිළිබිඹු කරන කැඩපතක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.