Sunday, July 19, 2026
Follow Us
 අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
හිරණ පොලිස් වසමේ රුක්ගහ තොටුපල ප්රදේශයේදී ඊයේ (18) සවස අයිස් මත්ද්රව්ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මතයි.
එහිදී අයිස් මත්ද්රව්ය කිලෝග්රෑම් 18 ග්රෑම් 716ක් හා විද්යුත් තරාදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අවුරුදු 26 ක් වන අළුබෝමුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකල ප්රශ්න කිරීම්වලදී මෙම මත්ද්රව්ය තොගය සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ මෙහෙයවීම මත දිවයිනේ විවිධ ප්රදේශ වලට බෙදා හැරීමට හා ජාවාරම් කිරීම සඳහා රැගෙනවිත් ඇති බවට අනාවරණය වී ඇත.
සැකකරු අද (19) පානදුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.