Friday, July 17, 2026
Follow Us
ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000ට ඉක්මවයි

වසරේ ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000ට ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් රෝගීන් 73,455ක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 50ක් ඊයේ (16) වනවිට වාර්තා වී ඇති බව ද එම ඒකකය සඳහන් කර තිබේ. 

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 38,700ක් වේ.

වසරේ ගතවූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම රෝගීන් සංඛ්‍යාව 21,538කි.