Wednesday, July 22, 2026
Follow Us
මෝහිණි ඇල්ල අසල ත්‍රිරෝද රථය පෙරලීමෙන් බරපතල සිසුන් දික්ඔය මූලික රෝහලට

නල්ලතන්නියේ සිට මස්කෙළිය දක්වා ධාවනය වූ ත්රීරෝද රථයක් මෝහිණි ඇල්ල අසළදී ප්රපාතයකට පෙරළීමෙන් බරපතළ තත්ත්වයේ පසු වූ පාසල් ළමුන් තිදෙනා දික්ඔය මුලික රෝහල වෙත මාරු කර තිබේ.


අද (22) උදෑසන 8:15ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී ප්රපාතයට පෙරළීමෙන් අනතුර සිදුවිය. 

අනතුරින් මිය ගොස් ඇත්තේ, ත්රීරෝද රථයේ රියදුරා සහ ත්රීරෝද රථයේ ගමන් ගත් වැඩිහිටියෙකු එම අනතුරින් මියගිය අතර අනතුරට පත්වන අවස්ථාවේ ත්රීරෝද රථය තුළ පස් දෙනෙකු ගමන් කර ඇති බව ද වාර්තා වේ.