Sunday, November 02, 2025
Follow Us
Political

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (07) දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කැඳවා තිබිණි.

Political

අද (08) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස් වූ අතර, පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇති අතර පෙ.ව.10.00 සිට පෙ.ව. 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබේ.

Political

ආණ්ඩුව විදුලි බිල වැඩි කරන අවස්ථාවේ එය සාධාරණදැයි සොයා බලා අනුමැතිය දීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තිබෙන බවත්, ඔවුන් මහජනතාවගේ පැත්තේ සිටගත යුතු නමුත් සිටින්නේ මහජනතාවගේ පැත්තේ නොවන බවත් සමඟි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

Political

ස්වාධීනව කටයුතු කරගෙන යා හැකි අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් අධිකරණ ව්‍යුහයට සම්බන්ධ පනත් කෙටුම්පත් සම්මත කිරීම සිදු කරන බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (08) පැවසීය.

Political
  • රට ගොඩනඟන වැඩපිළිවෙල කඩාකප්පල් කරන ක්‍රියාවන්ට සහාය දෙන්න එපා – පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන.

ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් මෙන්ම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපතිවරයා ගෙන යන මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා ඉදිරියේදී විදුලිය, ගෑස් සහ ඉන්ධන මිල අනිවාර්යයෙන් අඩුකල හැකි මෙන්ම ජනතාවට සහනදායී ආර්ථිකයක් නිර්මාණය කල හැකි බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා එම වැඩපිළිවෙල කඩාකප්පල් කරන කටයුතු සඳහා සහය නොදක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ‍මෙසේද පැවසීය,

රාජ්‍ය යාන්ත්‍රණය අයවැය සමඟ ගැලපීමේදී බංකොලොත් රටක් අනාගත ඉලක්ක වෙනුවෙන් ගමන් කලයුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මූලිකවම අවධානය යොමු කළ යුතුයි. විශේෂයෙන් ආර්ථික අර්බුදය මතු වන්නේ 2019 අවුරුද්දේ අපේ පාලන තන්ත්‍රය වෙනස් වුණාට පසුවයි. එහිදී බදු ප්‍රතිපත්තිය වෙනස් කළා. මෙම බදු වෙනස් කිරීම නිසා රාජ්‍ය ආදායම අහිමිව මෙරට ආර්ථිකය වේගයෙන් කඩා වැටීමට පටන් ගත්තා. රාජ්‍ය සේවක වැටුප් ගෙවාගැනීමට ක්‍රමයක් නැතිවුණා. එහිදී මහබැංකුව හරහා මුදල් මුද්‍රණය කිරීමට යොමු වුණා. ඒ හේතුවෙන් උද්ධමනය වේගයෙන් ඉහළට ගියා.

එහිදී රටේ සමස්ත ආර්ථිකය බිඳ වැටීමකට ලක්ව නිල වශයෙන් බංකොළොත් භාවය ප්‍රකාශ කල රටක් බවට පත්වුණා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ වගකීම බාරගත් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතන ඇතුළු රටට වැදගත් වන සියළු පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනාගෙන තිබෙනවා. යළි රට ගොඩනැගීම සාර්ථකව සිදුකරගෙන යමින් තිබෙනවා. 2001 – 2003 සමයේ ද ආර්ථික අර්බුදයට ලක්වූ රට යළි ගොඩ නැගුවේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විසින්. නමුත් 2004 අප්‍රේල් 10 එම පාලනය පෙරළනු ලැබුවා. 2014 වන විට දා නැවතත් රට බංකොලොත්වීමේ අවධානමකට නතුවුණා. බිඳවැටුණූ ඒ ආර්ථිකය 2015 දී නැවත ගොඩ නැගුවේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රමාත්‍ය ධූරය යටතේයි. එදා රාජ්‍ය සේවක වැටුප අවම රුපියල් 10,000කින් වැඩි කළා. ඒ වගේම රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශය ද ශක්තිමත් කර ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම් සැකසුවා. නමුත් අවාසනාවකට එහෙම කරපු ආණ්ඩුව 2020 රාජ්‍ය සේවකයින් සහ මහජනතාව එක්ව පෙරළා දැමුවා. අවසානයේ ඔවුන් ද පාරට වැටුණා.

එම නිසා දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී රට එම තත්ත්වයෙන් යළි මුදවා ගැනීමේ සාර්ථක කර්තව්‍යයක් දියත් කර ඇති මේ මොහොතේ කවුරුන් හෝ නැවත වැඩ වර්ජන රැල්ලක් ඇති කළහොත් යළි සිදුවන්නේ ඒ විපාකය විඳ සියලු දෙනාටම මහ පාරට වැටීමටයි.

සටන් පාඨ පුවරු ඔසවාගෙන වැඩ වර්ජන දියත්කල විට සිදු වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ හෑල්ලුවට ලක්වීමයි. නිතරම පෙළපාලි යන රටකට සංචාරකයන් පැමිණීමට බියක් දක්වනවා. එවැනි රටකට කවදාවත් දියුණු වෙන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසා පවතින තත්ත්වය හමුවේ රජයේ වෘත්තීය සමිති හිතනවානම් පැරණි පුරුද්ද අනුව වැඩවර්ජනයකින් යමක් ලබාගත හැකි වනු ඇතැයි කියා, සැබවින්ම සිදුවන්නේ ලැබීමට ඇති දෙයත් නොලැබී යාමයි.

පවතින අඩු පාඩු හදන්න අවශ්‍යය නව නීති රීති විශාල ප්‍රමාණයක් මේ වන විටත් ගෙනවිත් තිබෙනවා. සෑම අංශයක්ම ශක්තිමත් කිරීමට මෙන්ම ජනතාව ඉල්ලූ වෙනස ඇති කිරීමට හැකි නව නීති රීති ගෙනවිත් තිබෙනවා. තවදුටත් දේශපාලන පක්ෂවලට බොරු පොරොන්දු දෙන්න නොහැකි ආකාරයට නීති රීති ගෙන එමින් තිබෙනවා.
මෙවර අය වැයේ දී රාජ්‍ය සේවකයන් ලක්ෂ 16 කගේ වැටුප් වැඩි කරන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. පුද්ගලික අංශයේ ද වැටුප් වැඩි කරන්න තිබෙනවා.

ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය අංශයේ සේවයකයන් මෙන්ම ලක්ෂ 80 ක් පමණ වන පෞද්ගලික අංශයේ සේවකයන් යන දෙපිරිසම ශක්තිමත් කරමින් රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයන විධිමත් වැඩපිළිවෙලක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියත් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීම හරහා විදුලිය, ගෑස්, ඉන්ධන මිල අනිවාර්යයෙන් අඩුකර ජනතාවට සහනදායී ආර්ථිකයක් නිර්මාණය කල හැකියි. ඒ පිළිබදව සැකයක් තියාගන්න එපා.

අප රටක් ලෙස ඉතාම බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව, මේ වන විට එයින් මිදෙමින් සිටිනවා. ආර්ථිකය ස්ථාවර කරගෙන සංවර්ධිත ර‍ටක් බවට පත්වීමට නම් මේ පවතින තත්ත්වය තේරුම් අරගෙන රාජ්‍ය අංශයත් සමස්ථ මහජනතාවත් වසර 05 ක් 10 ක් මේ රට දියුණු කරන්න අධිෂ්ඨාන කරගෙන ඉදිරියට යා යුතුයි. එසේ කළහොත් පමණයි අපට ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ හැකි වන්නේ.

ඒ වගේම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම ආරක්ෂා කිරීමට වර්තමාන රජය පියවර ගන්නා බව ද විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. පවතින විශාල ණය බරින් මිදීම සදහා ලබන වසර සඳහා සංචාරකයින් ලක්ෂ සියයක් ගෙන්වීමට කටයුතු කලයුතු බව ජනාධිපතිතුමා සදහන් කර තිබෙනවා. ඒ සඳහා සංචාරකයින්ට පහසුකම් වැඩි කරන්නා සේම රාජ්‍යයේ ස්ථාවර භාවය ද පෙන්විය යුතු වනවා.

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව තුළ “ජාතික සභාවක්” ස්ථාපිත කර තිබෙනවා. ජාතික වශයෙන් ඇති කරුණු එම ස්ථානයට ඉදිරිපත් කිරීමට සියළුම දෙනාට හැකියාව තිබෙනවා. පැරණි ක්‍රම මගින් තවදුරටත් දේශපාලනය කල නොහැකි බව සියළුම දේශපාලන පක්ෂ මතක තබාගත යුතුයි. අප විසින් දැනට සිදුකරගෙන යමින් සිටින වැඩපිළිවෙලට අමතරව වෙනත් ක්‍රමවේදයක් තිබේ නම් ලංකාවේ ඕනෑම දේශපාලන පක්ෂයකට හෝ සිවිල් සමාජයකට කරුණු ඉදිරිපත් කළ හැකියි.

Political

2024 වර්ෂය සඳහා ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 255ක් වෙන් කිරීමට සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් තවත් රුපියල් බිලියන 210ක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

Political

දූෂණ විරෝධී (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (08) සම්මත වී තිබේ.

Political

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අර්බුදය ජනපති එක පැත්තකටත් ක්‍රීඩා ඇමති තවත් පැත්තකටත් ඇද්දොත් විසඳුමක් හොයා ගන්නට නොහැකි වනු ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Political
  • සියලු ජනතාව ඒකරාශි කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම අරමුණයි – ජනපති “නාම් 200” සැමරුම් උත්සවයේ දී පවසයි.
  • ඉන්දීය ආධාර යටතේ නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියකට මුල් ගල් තැබේ.

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Political

කර්මාන්තකරුවන්ගේ අභිවෘද්ධිය සඳහා  අවශ්‍ය සමහර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට මේ වන විටත් මුදල් අමාත්‍යාංශය සමඟ කටයුතු කරගෙන යන බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. 

Political

රජයේ ආදායම් වැඩි කිරීිම සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී කරගැනීමට අදාළව, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුතුව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් පත් කළ මූලික තාක්ෂණික කමිටුව ප්‍රගති සමාලෝචනය සඳහා පසුගියදා රැස් විය.

Political

අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කිරීමට සහ විසඳුම් ලබාදීමට පවත්වනු ලබන 23 වැනි අපනයනකරුවන්ගේ සංසදය ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී සාර්ථකව පැවැත්විණ.

Political

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPE) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින්, නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස සුපිරි ලාභ ලබා ගැනීම සඳහා මධ්‍යම රාත්‍රියේ ගැසට් අවභාවිතා  කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙසට පැවසීය. මේ අනුවල මෙම බදු අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම හෝ එසේ කිරීමට නොහැකි නම් ඊට සවිස්තරාත්මක හේතු සාධක දැක්වීම, අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ප්‍රතිකර්ම යෝජනා කිරීම ද කමිටුව විසින් නිලධාරීන්ට පවරනු ලැබීය.

Political

පසුගිය අයවැයට වඩා වෙනස් විකල්ප අයවැයක් මෙවර ඉදිරිපත්  කරන බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Political
  • ජාතික රෝහලේ ශල්‍ය උපකරණ වංචාවට හසුවූ නිලධාරිනිය වසර 10ක් තිස්සේ එය සිදු කරලා

• රෝහල්වල උපකරණ හා ද්‍රව්‍ය නිකුත් කිරීමේ නිසි අධීක්ෂණ ක්‍රමවේදයක් (Cross check) ක්‍රියාත්මක නොවීම බරපතල ගැටලුවක් - සෑම රෝහලකම කඩිනමින් නිසි කළමනාකරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටත් නිර්දේශ

Political

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලු ව්‍යාපෘතිවල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව විශේෂ විමර්ශණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබා දී තිබේ.

Political

ශත 25ට තිබූ සීනි බද්ද රුපියල් 50ක් කිරීමට පෙර සීනි මෙට්‍රික් ටොන් 22000ක් වෙළෙඳපොළට නිකුත් කිරිමෙන් රජයට කෝටි 100ක බදු ආදායමක් අහිමි වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 02කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) සිය සහතිකය සටහන් කළේය.