Saturday, November 01, 2025
Follow Us
Political

ඉංග්‍රීසි සාක්ෂරතාව දියුණු කිරිම වෙනුවෙන් දසවසරක වැඩ සටහනක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 500ක් වෙන්කරන බව අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Political

ජනතාව මුහුණ දෙන කෙටිකාලීන ගැටළු කෙරෙහිත් අවධානය යොමුකරමින් දීර්ඝ කාලීනව රට නගා සිටුවීම පදනම් කරගත් අයවැයක් හෙට (13) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Political

ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු නොකර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට විදේශ ණය ආධාර නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසීය.

Political

ජනපති කරපු අයවැය කතාව බුදු දහමට කළ නිග්‍රහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political


ICC තහනම් කිරීම හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවසීය.

Political

නුවරඑළිය තැපැල් ගොඩනැඟිල්ලට කිසිදු හානියක් නොවන පරිදි ආයෝජන කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබෙන බැවින් අද (10) සිට සේවයට වාර්තා කරන්නැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා සියලු තැපැල් සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි. කොළඹ තැපැල් මූලස්ථානයේදී ඊයේ (9) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

Political

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු කිරීම සඳහා 2024 අයවැය මගින් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Political
• ඉතිරි හිඟ බදු ගෙවීමට සමාගම්වල එකඟතා
• සමාගම් වසා බදු ගෙවීම මග හැරීම වැලැක්වීමට තැන්පතු මුදලක් අය කර ගැනීමට යෝජනා
• රට විරුවන්ගේ විද්යුත් වාහන ව්යාපෘතියට වෝහාරික විගණනයක් අවශ්ය බවට නිර්දේශ
• ග්රෑම් 100 ට වැඩි නීති විරෝධීව මෙරටට ගෙන්වන රත්රන්වලට තුන් ගුණයක දඩයක් අය කිරිමට යෝජනා
Political
  • මිල පාලනය සඳහා අදාළ අංශ වෙතින් වාර්තා කැඳවා තිබෙනවා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු.

ඉදිරි වසරේ තවදුරටත් ආහාර උද්ධමනය අඩු වන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Political

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කථාව කියවා අවසන් වූ අතර පාර්ලිමේන්තුව 2023 නොවැම්බර් 14 වැනි අඟහරුවාදා උදෑසන 9.30 වන තෙක් කල් තැබිණි.

Political
  • ක්‍රීඩා සම්මේලන වල නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට – ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නව ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් 2024 වසරේ දී ඇරඹීමට රජය සැලසුම් කර ඇති බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පැවසීය.

Political

විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා ප්‍රතිපාදන වෙන්කර ගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බවත්, ඊට අනුමැතිය ලබාගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, අග්‍රාමාත්‍ය හා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

Political

මෙවර අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කාරණා ගියවර අයවැය තුළින් ද ගෙනආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Political

පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කළ ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (10) සම්මත විය.
පනත් කෙටුම්පතේ දෙවනවර කියැවීමේ විවාදය අද පෙ.ව. 10.30 සිට පැවැත්විණි.

Political

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය 2023 ඔක්තෝබර් 28 හා 29 යන දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදී.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය එළඹෙන දෙසැම්බර් මස 15 දා කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Political

ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය විධිමත් කිරීම පිළිබඳව යෝජිත  ව්‍යාපාර සූදානම් (B - Ready) දර්ශකය, සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රයෝගික ගැටලු   හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ  ඉදිරිපත් කිරීමටත්  පාර්ලිමේන්තු  විශේෂ  කාරක සභාවේදී අවධානය යොමු විය.

Political

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කළ ඓතිහාසික වටිනාකමක් සහිත මහනුවර බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිල්ල අදාළ වියදම් වූ මුදල ලබා ගෙන දළදා මාළිගාවට පැවරීමට හෝ වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් කටයුතු කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා (07) නිලධාරීන්ට උපදෙස් දුන්නේය.