මෙතෙක් පැවති සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් මෙරට සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ඉදිරි මාස තුනක කාලය තුළ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහි දී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක්කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට අදාළව පිහිටවූ කමිටුමේ පළමු රැස්වීම පසුගියදා පැවති බවත් ඒ අනුව එහි වාර්තාව ඉදිරි මාස තුනක කාලයක දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබා දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ඊයේ(10) ජල නල කාර්මිකයින් සහ පින්තාරු ශිල්පීන් සමඟ පැවති හමුවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.