ස්වභාවික සම්පත් අමුද්‍රව්‍ය වශයෙන් නොව ඒවා සඳහා වටිනාකම් එකතු කර අපනයනය කිරීමට වැඩපිළිවෙළ සකස් කළ යුතු බව පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පරිසර අමාත්‍යාංශයේ 2024 සැලැසුම් පිළිබඳව එම අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකදී
පරිසර අමාත්‍යාංශය සඳහා වන 2024 අයවැයෙන් 70% ක් විදෙස් මූල්‍යාධාර වන අතර ඉතිරි 30% දේශීය ආධාර වේ.
විශේෂයෙන් පාරිසරික ව්‍යාපෘති සඳහා මෙරටට හිමිවන විදෙස් මූල්‍යාධාර උපරිම ප්‍රයෝජනයට ගෙන ව්‍යාපෘති ඉහළම සාර්ථකත්වය කරා ගෙන යෑමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
විශේෂයෙන් ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට ස්වභාවික සම්පත් විශාල වශයෙන් තිබියදී ඉන් ප්‍රයෝජන නොගන්නා බවට ඇතැමුන් දිගින් දිගටම චෝදනා නගන බවත් එයට පිළිතුරු ලෙස ඒවායින් උපරිම ප්‍රයෝජන ගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පරිසර අමාත්‍යංශයෙන් උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
ඒ අනුව වාර්ෂිකව මහා භාණ්ඩාගාරයට හා රටේ ආර්ථිකයට විශාල මුදලක් ලබා දිය හැකිවන අයුරින් කටයුතු කළ හැකි ලෙස පරිසර අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ වඩාත් කාර්යක්ෂම කළ යුතු බවද එහිදී එම ක්‍රියාවලිය මුළුමනින්ම විනිවිද භාවයෙන් යුතුව ක්‍රියාවට නැංවිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
විදෙස් හා දේශීය මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති කාර්තුවෙන් කාර්තුවට සමාලෝචනය කරමින් ඒවා ඵලදායි ලෙස ක්‍රියාත්මක කළ යුතු යැයි ද එහිදී ඵලදායීතාව පිළිබඳව ගැටලු මෙන්ම අඩු මට්ටමක පවතින ඒවා වෙනස් කරමින් ඒවායේ ඵලදායීතාව ඉහළ නැංවීමට කටයුතු කළ යුතු යැයි ද අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.