Thursday, August 28, 2025
Follow Us
"පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාමා"

චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාගේ ඉල්ලා අස්වීම සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිරූපය සකස් කිරීමට ගැසූ මොන්ටිසෝරි ගැටයක් බව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

මෙවැනි අවස්ථාවලදී "පිටුව පෙරළුවට සීතා.. පොත දන්නවා රාමා" . යන ගීතය මතකයට එන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය විජේසිරි ගහපු ගැටය ගැන කාටත් වඩා හොඳින් ජනතාව දන්නා බවද ප්‍රකාශ කළාය.

ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ කොළඹදී අද (11)පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

රට ආර්ථික අර්බුදයෙන් මුදාගත් රනිල් වික්‍රමසිංහ මහතා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබිය යුතු බව තමාගේ අදහස යයිද ඇය කීවාය.

Lankadeepa