Thursday, August 28, 2025
Follow Us
ලංකාවේ රිලවූන්ට චීනෙන් ලොකු ඉල්ලුමක්

චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන රැසක් ශ්‍රී ලංකාවෙන් රිලව් ගැනීමට බොහොම කැමැත්තෙන් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

අවාසනාවකට මේ කටයුත්තට ඉඩ නොදෙන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 මහින්ද අමරවීර මෙසේද පැවසීය.

රිලව් ලක්ෂයක් චීනයට යවන්න අපි මුලින් ලෑස්ති වුණා. අපි මීට සති දෙකකට පෙර චීනයට ගියා. ඒ අය බලාපොරොත්තුවෙන් ඉන්නවා අපේ රිලව් ගන්න. ඒ රට කැමැත්තෙන් බාරගන්න ඉන්නවා. චීනයේ පෞද්ගලික සත්වෝද්‍යාන විසිදාහක් පමණ තියෙනවා. නමුත් අවාසනාවකට මේකට ඉඩ දෙන්නේ නැහැ. දැන් අධිකරණ ක්‍රියාවලියකට ගිහිල්ලා තියෙනවා. පරිසර සංවිධාන කීපයක් ඉදිරිපත් වුණා. දැන් වෙන විකල්ප මාර්ග වලට යන්න වෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයත් වනජීවී අමාත්‍යාංශයත් එකතු වෙලා මේ ප්‍රශ්නයට විසඳමක් ලබාදෙන්න කියලා ඉල්ලනවා. අහිංසක මිනිස්සු වගා කරන දේවල් මේ සතුන් එක දවසෙන් විනාශ කරලා යනවා. තුවක්කු දීපු අයට පතුරම් නැහැ කියලත් ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ ගිනි අවි දෙන්න වේවි. පොල් ගෙඩි මිලියන පන්සීයක් විතර වාර්ෂිකව විනාශ වෙනවා

 

-Aruna