වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පැවති සියලුම විශ්‍රාමික පාරිතෝෂිත ගෙවීමට අවශ්‍ය සියලු මුදල් ලැබීම නිසා, 2023 වර්ෂය වනවිට ගෙවීමට තිබූ සියලු හිඟ පර්තෝෂිත විශ්‍රාමිකයන් වෙත ගෙවා අවසන් කිරීමට හැකිවූ බවද එය මෙරට විශ්‍රාමිකයන් ලැබූ විශාල ජයග්‍රහණයක් බවද, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10 ) ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් , පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 2021 වර්ෂයේ සිට මෙම විශ්‍රාමික පාර්තෝෂිත හිඟය පැවතිණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා
වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින විශ්‍රාම පාරිතෝෂිත ගෙවීම ගැන මූල්‍ය අර්බුදයකට අපි මුහුණ දුන්නා. එම අර්බුදය ලිහිල් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත්, දීර්ඝව පවත්වපු සාකච්ඡා අනුව, ක්‍රමානුකුලව ලිහිල් කර ගැනීමේ කාර්යයට අවතීරණ වීමට පුළුවන් වුනා. 2023 දෙසැම්බර් මාසයේ මුදල් අමාත්‍යංශය විසින් විශාල සහනයකට පරිවර්තනය කළ හැකි ලෙස මුල්‍ය ප්‍රතිපාදන නිකුත් කිරීම විශ්‍රාමිකයන්ට විශාල ජයග්‍රහණයක්. ඒ නිසා විශ්‍රාමිකයන් මුහුණ දුන් ගැටලුව තුරන් කිරීමට අපි දැන් එළඹිලා තියෙනවා."