Thursday, August 28, 2025
Follow Us
සමාජ ආරක්ෂණ බදු පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට

සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේ  ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අදාළ ගැසට් නිවේදනය   පසුගිය 4  වැනිදා නිකුත් කෙරිණ.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සඳහා ලියාපදිංචිවීමට පිරිවැටුමේ සීමාව  පසුගිය ජනවාරි මස 1 වැනිදා  සිට බලාත්මක වන පරිදි  කෝටි  12  සිට කෝටි 6 දක්වා අඩු කිරීමට මෙම පනතෙන්  ප්‍රතිපාදන  සැලසේ.