අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුලු සැත්කමක් සිදු කර ඇති බව අග්‍රාමාත්‍යවරයාට සමීප ආරංචි මාර්ග පවසනවා.
2023 වසරේදී මහමැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාළ මහත්මිය 43 වැනි සේනාංකය සමග එකතු වීමේ සූදානමක් පිළිබඳ රාවයක් පැතිර යමින් පවතී.
වර්තමානයේදී රටේ ජනතාව මුහුණ දී සිටින සියලු අර්බුදවලට හේතුව ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ජනතාව මුහුණ දී සිටින අර්බුද විසඳනවා වෙනුවට එම අර්බුද තව තවත් තීව්‍ර කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
යහපාලන රජය සමයේ නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධුරය හිස් වූ අවස්ථාවක එම අමාත්‍ය ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන්නැයි ඉල්ලීම් ගණනාවක් ලැබී තිබිණි. සරත් ෆොන්සේකා මහතාද එම දිනවලදී ප්‍රකාශ කළේ නීතිය හා සාමය අමාත්‍ය ධුරය බාර ගැනීමට සූදානම් බවයි. කෙසේ නමුත් ඔහුට එම අමාත්‍ය ධුරය නොැලබිණි.
වසර ගණනක් ඉදිරියට රට පාලනය කරන්නේ කෙසේද යන්න නොව අවම වශයෙන් ඉදිරි මාස තුන තුළ රටේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ කෙසේදැයි හැකි නම් පෙන්වා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට පවසයි.
ප්‍රශ්න කන්දකට සිරවී ඕජස් ගලන තුවාලයක් බවට පත්ව ඇති රට සුවපත් කිරීම උදෙසා සම්ප්‍රදායක වැඩපිළිවෙළක් කිසිසේත් සරිලන්නේ නැතැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Samagi Jana Balawegaya (SJB), the main opposition, says it sticks to its position that the government should strike a deal with the International Monetary Fund (IMF) or a similar body and reschedule its debt payment.
පැරණි සාම්ප්‍රදායික ගමනේම නිරත වන්නේ නම් සමගි ජන බලවේගයටද පැවැත්මක් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසනවා. රටේ බලය ලබා ගත්තද අලුත් ගමනක් නොමැති නම් බලය පවත්වාගෙන යාමට නොහැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර තම හිතවතෙකුට ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමුකර ඇති බව වාර්තා වේ.
වර්තමාන ආණ්ඩුව අද මුළු රටම අඳුරේ හෙළා ඇති බවත්, ඉතිරි කර ඇත්තේ අපේක්ෂා භංගවූ රටක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න හට කොවිඩ් වෛරසය ආසදානය වි ඇති බව වාර්තා වනවා.
තමන් ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙහි කටයුතු කළ පැයක කාලය තුළ රටේ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවුණු බව මිල්කෝ සමාගමේ නව සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පවසයි.
Page 206 of 554