Thursday, January 01, 2026
Follow Us
අනුරට එල්ල කළ ප්‍රහාරය ගැන ඇමති ප්‍රසන්නගෙන් ලිපියක්

පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම


කළගෙඩිහේන ප්‍රදේශයේ දී ජාතික ජන බලවේගය ට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් විධිමත් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ලිපියක් නිකුත් කරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයාගෙන් එම ඉල්ලීම සිදුකළා.

ඊයේ (30) දිනයේ එම පක්ෂයට බිත්තර ප්‍රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් ලබාදෙන ලෙස ද එම ලිපියෙන් සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

“මෙම සිද්ධියට මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබී ඇති බැවින් ඔබගේ විශේෂ අවධානය මේ සඳහා යොමු කරනු ඇතැයි අපේක්ෂා කරමි.” යනුවෙන් ද ප්‍රසන්න රණතුංග මහතා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

(Aruna)