Sports Minister Namal Rajapaksa said he is ready to resign from his ministerial portfolio so as to reduce the number of ministers in the Cabinet, if the Sri La Freedom Party (SLFP) sets an example by asking its ministers to resign first.
අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආදර්ශයක් ලබා දෙන්නේ නම් තමන් දරණ අමාත්‍ය ධූරය අත් හැරීමට සූදානම් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියට අදාළ දෙවැනි නඩුව සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව මේ වන විට සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.
පළාත් සභා සඳහා ලබා දී තිබූ සුපිරි වාහන තවමත් පළාත් සභා හිටපු ඇමතිවරුන් භාවිතා කරමින් සිටින බව වාර්තා වේ. පළාත් සභා සතුව තිබූ වාහන සංචිත පිළිබඳව සිදුකළ සොයා බැලීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා තිබෙන දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලට ගෙන එහි සුවිසල් නිවසක් තනා රජයේ මුදල් අවභාවිත කිරීම යටතේ වන නඩුකරය සම්බන්ධයෙන් මින් ඉදිරියට සාක්ෂි විමසීමක් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව ගම්පහ මහාධිකරණයට අද (25) දැනුම් දී තිබේ.
රටට සෞභාග්‍යය උදා කිරීමට පොරොන්දු වී බලයට පත් වූ වත්මන් පාලකයන්, ශ්‍රී ලකාව ලෝකය ඉදිරියේ යාචක රටක් බවට පත්කර ඇති බව ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. එදිනෙදා අවශ්‍යතා පියවා ගැනීම සඳහාද ලෝකයෙන් හිඟාකන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි ඔහු පවසන්නේ.
ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වන ලංකා කම්කරු කොන්ග්‍රසයද ආණ්ඩුව සමග තවදුරටත් සිටින්නේද එසේ නැතහොත් ආණ්ඩුවෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර ඊයේ (25) පැවැත්වුණු විශේෂ සාකච්ඡාව පිළිබඳව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
( 24) දින පාර්ලිමේන්තුවේ දී සිදුකල ප්‍රකාශයක් අතරතුර හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකුවක් අර්බුදයකට මුහුනපා ඇති බව ඔහුට දැනගන්නට ලැබී තිබෙන බවත් මේ පිලිබද ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් කලයුතු බවත් ය.
ආණ්ඩුවෙන් ඉවත්වන හෝ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල පුද්ගලයින් සිය ඉදිරි දේශපාලන ගමනට එක් කර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ජාතික ජන බලවේගය පවසනවා.
තමන් ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක සන්ධානය ඉතාම ඉක්මනින් වත්මන් ආණ්ඩුවේ 113ක බහුතරයත් අහිමිකර මේ ආණ්ඩුවේ පාලනය අවසන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ගජමුතු විකිණීමට යාමේදී අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක ඇතුළු සැකකරුවන් 05 දෙනා ලබන මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සමාව ඉල්ලීමට තරම් නිහතමානී වීම තුළ සර්ව පාක්ෂික සමුළුවේදී වැඩියෙන්ම ජනතා අවධානයට ලක්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පවසයි.
Page 187 of 554