හදිසි නීතිය දීර්ඝ කිරීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී ඡන්දය භාවිත කරන බව සමගි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඒ සඳහා සහය දක්වන ලෙස ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායම්වලින්ද ඉල්ලීමක් කරන බවයි.
හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලපැවැත්වෙන කාලසීමාවෙන් පසුව එම නියෝග දීර්ඝ කිරීම සදහා මසක් ඇතුළත පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ යුතු අතර ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගත යුතුයි. අදාළ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල හොත් ජාතික ජන බලවේගය ද ඊට විරුද්ධව ඡන්දය ලබා දෙන බව එම පක්ෂයේ සාමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පැවසුවා.
(Neth)