Tuesday, July 01, 2025
Follow Us
ජනපති තීරණාත්මක සාකච්ඡාවකට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි !

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරු 4.30 ට පැවැත්වෙන බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම සහභාගි වන්නැයි සියලු මන්ත්‍රීවරුන් වෙත දන්වා තිබෙනවා.

මේ වනවිට ආණ්ඩුවේ නායකයන් සමග විරසකයකින් පසුවන විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 11 කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරුන්ටද සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.

(LNW)