It is important to decide as to what to do once the no confidence motion against the government is passed in Parliament, former Prime Minister Ranil Wickremesinghe said yesterday.
කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ පැවති සමගි ජනබලවේගයේ මැයි දින රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු අතර ඇති වූ බහින්බස්වීමට හේතුව කථික ලැයිස්තුව සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් බව වාර්තා වනවා.
අන්තර්කාලීන ආණ්ඩුවක් සැකසීම සදහා වූ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා පත් කෙරුණු ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කමිටුව හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර සාකච්ඡාක් අද පැවැත්වෙනවා.
පවතින අර්බුදයට විසදුම් සෙවීම සදහා සියළු පක්ෂ එක්විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. විපක්ෂයද සිය වගකීම් අවබෝධ කර ගනිමින් මේ මොහොතේ කටයුතු කළ යුතු බවයි කුරුණෑගල පැවති වැඩසටහනකදී මන්ත්‍රීවරයා කියා සිටියේ.
පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය කථානායක ධූරය සඳහා සුදුසු අයෙකුගේ නමක් යොජනා කිරීමට සමගි ජන බලවේගය සූදානම් වනවා. ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී තීරණයක් ගන්නා බවයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ලංකා කම්කරු කොංග්‍රසය රාජපක්ෂවරුන් සමග අවුරුදු 15ක් තිස්සේ පැවැත්වූ දේශපාලන සම්බන්ධය මෙතැනින් අවසන් කරන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
පවතින දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා යෝජිත සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවන්නේ සමඟි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණද ඊට සම්බන්ධ වන්නේ නම් පමණක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසුවේය.
අද වුවත් තමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ ආණ්ඩුවක් බිහිකළ හැකි නම් ලෝකයේ සියලුම රටවල් තමන්ට උදව් කිරීමට සූදානමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු රෝහල්ගත වී තිබේ.
අග්‍රාමාත්‍ය ධුරයෙහි තවදුරටත් රැඳී සිටින්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා තීන්දුවක් ගෙන ඇති බව වාර්තා වේ.
ජන අරගලයේ නිරත පිරිසගේ පැතුම් ඉටුකිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දිවංගත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 29 වන ගුණ සමරුවට අද එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
රටේ ආර්ථිකය විනාශ කළ සොරුන් සම්බන්ධයෙන් තොරතුරු මැයි 03 වනදා පෙරවරු 10.00 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී හෙළිදරව් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින රැළිය පැවැත්වුණේ කොළඹ නව නගර ශාලාවේදීයි. එම පක්ෂයේ ජාතික සේවක සංගමය විසින් සංවිධාන කළ එම මැයි දින රැළියේදී අදහස් පළ කළ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් මෙරට ආර්ථික ගැටළුවට විසදුම් සෙවිය නොහැකි බවයි.
ජනාධිපතිවරයා නායකත්වය දෙන කැබිනට් මණ්ඩලයක් මගින් පවතින අර්බුදයට විසඳුම් ලබාගත නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මහා සංඝරත්නය සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අතර ඊයේ රාත්‍රියේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මේබව කියා සිටියා.
Page 174 of 556