ඇමති ලිපියක් මඟින් රට ගැන හෙළි කල දේ
බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් දරුණු අරාජිකත්වයක් කරා ගමන් කර ඇති අතර ආර්ථිකමය වශයෙන් බංකොලොත් රාජ්‍යයක් වී හමාර බවයි.
මෙවැනි තත්වයක් තුල තවදුරටත් ආණ්ඩුවේ වගකීම් හෝ තනතුරු දැරීම සම්බන්ධයෙන් තමා තුල ඇත්තේ දරුණු සදාචාරාත්මක පසුබෑමක් බවයි ඔහු ප්‍රකාශකර ඇත.
ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ 69 ලක්ෂයක් වූ ඡන්දය දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කර ලීමට මේ රජය අපොහොසත් වී ඇති බවයි.
(Aruna)