ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයෙකු ලෙස සිදුකළ වැරදි දේශපාලනය නිසා මේ වන විට නන්නත්තාර පුද්ගලයෙකු බවට පත්ව සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
තමන්ට කිසියම් පාර්ශවයකින් මරණ තර්ජන එල්ල වී ඇති බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වරප්‍රසාද ප්‍රශ්න යොමු කරමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරණයේදී තමන් දැරූ ස්ථාවරත්වය හේතුවෙන් එවැනි තර්ජන එල්ල වන්නේදැයි සැකයක් පවතින බවයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නෑ
සර්ව පාක්ෂික ආණ්ඩුවකට එකඟ නොවන බව ජාතික ජන බලවේගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට දන්වා තිබේ.
Former Sri Lanka Cricket captain and former MP Arjuna Ranatunga has been appointed as the Chairman of the National Sports Council.
විදුලි ගාස්තු සංශෝධනයේදී සමාජ සාධාරණත්ව මූලධර්ම උල්ලංඝණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. අඩු විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් මත වැඩි බරක් පටවමින් නව මිල සංශෝධනය සිදු කර ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.
පාර්ලිමේන්තුව ඇතුළේ එක නීතියකුත් රටේ ජනතාවකට තව නීතියකුත් තිබේදැයි කතානායක වරයා වහාම පැහැදිලි කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (10) පැවසීය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට යලි රැස්වෙනවා. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අද වන විට ඇතැම් දේශපාලන පක්ෂ, පුද්ගල කල්ලි බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.
පාඩු ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළයුතු බවත්, සේවකයන්ට අවශ්‍ය පරිදි එවැනි පාඩු ලබන ආයතන නඩත්තු නොකළ යුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.
මේ වන විට මේ රටේ පුරවැසි අරගලයේ යෙදුණු තරුණ පිරිස් දඩයම් කිරීම ආණ්ඩුව විසින් අරඹා ඇති බවත් ගෝඨාගෝගම ඉදිකොට තිබූ පුස්තකාලයට සම්බන්ධ තරුණ පිරිස් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පවා ආණ්ඩුව පෙළඹී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සැපයීමට අග්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
2013 වසරේ සතොස ආයතනයේ සේවකයින් සිය නිල රාජකාරීවලින් ඉවත් කොට දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට රුපියල් එකොලොස් ලක්ෂයකට අධික පාඩු සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා.
Page 130 of 554