Saturday, January 10, 2026
Follow Us
ඇපයක් නැතිවම මර්වින් මුදාහරී. අතිරේක මහේස්ත්‍රාත්ගෙන් අමුතුම කතාවක් !

ඊයේ (18) දිනයේදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාව ඇපයක් නොමැතිවම මුදාහැරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් නියෝග කර තිබේ.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ කැළණියේ ගව ඝාතනය නතර කළ මර්වින් සිල්වා මහතා වෙනුවෙන් ඇපයක් අවශ්‍ය නොවන අතර ලබන නොවැම්බර් 16 වනදා ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීම ප්‍රමාණවත් බවකි.

2007 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් කඩාවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ දිනයේදී මර්වින් සිල්වා මහතාව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

LNW