රෝයල් පාර්ක් නිවාස සංකීර්ණයේ සිදුවූ ඝාතන සිද්ධියට වරදකරු වූ පුද්ගලලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා.
ඉකුත් බදාදා දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පැය තුනහමාරකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.
Neth