සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සහය දැක්වීමට විපක්ෂය කටයුතු කරන්නේ නම් අමාත්‍ය ධූර අතහැරීමට සූදානම් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.
එලෙස සිය ධූරවලින් ඉවත් වී සර්ව පාක්ෂික ආණ්ඩුවට සහය දැක්වීම සඳහා එක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම අමාත්‍යධූර ලබාදීමට සූදානම් බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
කෙසේවෙතත් අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ කිසිඳු වරප්‍රසාදයක් ලබාගැනීමකින් තොරව සර්ව පාක්ෂික ආණ්ඩුවකට සහය දක්වන බවයි.
Neth