ශ්‍රී ලංකාවේ පවතින ණය අර්බුදයට විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණයක් ලබාගැනීම නොවන බවත් එම අරමුදලෙන් දැනට ලබාදීමට යෝජනා වී ඇත්තේ ද සොච්චම් මුදලක් පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
ඉදිරි කාලය තුළ නව දේශපාලන බලවේගයක් රටට හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව 43 වැනි සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මාස 06 ක් ඇතුළත මහ මැතිවරණයක් නොපැවැත්වුව හොත් නතර කළ නොහැකි අරගලයක් ඇතිවිය හැකි බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.
වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ කඩිනමින් පැවැත්වීමේ අදහසක් තමන්ට නොමැති බව එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පාර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට යළි රැස්වනවා. ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිතයි. මේ අතර වසර දෙකකට අධික කාලයක් පුරා පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා පනවා තිබූ නීති අද සිට ලිහිල් කෙරෙනවා.
වත්මන් රජයට සහ එය ආරක්ෂා කරන්නන්ට එරෙහිව ප්‍රබල දේශපාලන විවේචනයක් ඉදිරියේදී ගොඩනැඟීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
2005 වසරේදී තමන් ද එකතු වී මහින්ද රාජපක්ෂ මහතාව රටේ ජනාධිපති ධුරයට පත් කළ නමුත් ඔහුගේ පවුලේ සාමාජිකයින් රටේ පාලනයට මැදිහත් වීම තුළ රට විනාශය කරා ගිය බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වැනි සැසිවාරය අතරතුර, එනම් 2022 සැප්තැම්බර් 24 වැනි දින ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇත.
තමන් හැමදාමත් සටන් කළේ ගොවීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා බව වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
සෞභාග්‍යයේ දේශයක් නිර්මාණය කරනවා කියා පුරසාරම් දොඩවමින් බලයට පැමිණි ආණ්ඩුව ජනතාවට අත්පත්කොට දී ඇත්තේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බවත්,රටම මන්දපෝෂණයෙන් වෙලාගනිද්දී, ආණ්ඩුවට අධිපෝෂණයේ මවත සොයමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා.
මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ ජනමතවිචාරණයක් නොව මැතිවරණයක් බව සමගි ජනබලවේගය පවසනවා. එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියේ ඡන්ද ක්‍රමයේ වෙනසක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බවට ජනාධිපතිපවරයා ඉකුත් දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.
Page 114 of 554