පාර්ලිමේන්තු මහ ලේකම් ධුරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පත් කර තිබේ.
සුබසාධන ප්‍රතිලාභ ලබා දීමේදී සැබෑ දුප්පතුන් නිවැරදිව හඳුනාගත යුතු බව හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන් වන රාජ්‍ය සේවකයන්, ඡන්දය ඉල්ලන ස්ථානයට ආසන්නත ම බලප්‍රදේශයේ සේවයට වාර්තා කිරීමෙන් සුළු පිරිසකට ගැටලුක් මතුවී ඇත්නම්, සාකච්ඡා කර ගැටලුව විසඳන බව, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා, ස්වදේශ කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (11) දි ප්‍රකාශ කළේය.
ජනපති නියමයෙන් ඊයේ (15) සිට උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සමග සම්බන්ධවීමට තෝරා ගැණුනු තරුණ නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරු ඇතුළු මැති ඇමතිවරු පිරිසක්ද සහභාගී වීමට නියමිතය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව 2023 මැයි 08 දින “දේශීය ආදායම් (සංශෝධන)” පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බව සමගි ජනබලවේගයේ උප සභාපතිවරයෙකු වන පී. හැරිසන් පවසයි.
• ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු කළමනාකරණ තනතුරු රැසක් වැඩබලන තනතුරු හෝ පුරප්පාඩු වූ තනතුරු
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් විනාශයෙන් සිදුවූ හානියට වන්දි අය කිරීමේ වැඩපිළිවෙළට සහායක් ලෙස සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය විසින් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වන බවත් ඒ යටතේ මූලික එන්තරවාසියක් මීට සම්බන්ධ ආයතන රැසකට යොමු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඉදිරියට පැමිණෙන්නේ පරිවර්තන රැසක් සිදු වන යුගයක් බවත් අද වන විට ජනතාවගේ ආකල්ප සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වී තිබෙන වන ජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමැතිනී, නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ප්‍රේෂණ අද මේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇති බවත්, වසරක් තුළ රටේ ආර්ථිකය වෙනස් කිරිමට විගමණික ශ්‍රමිකයින්ට හැකිවූ බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
අද (11) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 06.00 දක්වා “එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය” පිළිබඳ කල් තැබීමේ විවාදය දෙවැනි දිනයටත් පැවැත්වීමට නියමිතය.
කැණීම් සිදුකිරීම සඳහා අවසර ලබාදුන් ප්‍රදේශවල භූමිය කැණීම්වලින් පසුව නැවත සකස් කිරීමේ කාර්ය නියමිත පරිදි සිදුවී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණ වී තිබේ.
කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ පළමු අතුරු වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මීට වසරකට පෙර අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මහතාගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් පොළොන්නරුවේ වැඩසටහන් සංවිධානය කර තිබිණි.
දුම්රිය දෙපාර්තමේන්තුවට නව සේවකයන් 3,000ක් බඳවා ගෙන ඇතැයි කියන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, බහුකාර්ය බළකායට රජයෙන් බඳවා ගෙන තිබූ 3,000ක් ස්ථිර රැකියා සඳහා දුම්රියට බඳවා ගැනීම පමණක් සිදු කර ඇති බවත් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය.
මෙරට අධිකරණය පිළිබඳ විශ්වාසයක් නොමැතිව, සිංගප්පූරු අධිකරණයේ එක්ස්ප්‍රස් පර්ල් නඩුව පැවරුවා යැයි කරනු ලබන ප්‍රකාශය රටට එරෙහිව කරන දේශද්‍රෝහී ප්‍රකාශයක් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද(10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Page 66 of 553