Tuesday, February 03, 2026
Follow Us
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්හට විශේෂ ජනාධිපති සමාවක් ප්‍රදානය කර ඇත.

ඒ අනුව මෙම විශේෂ ජනාධිපති සමාව සඳහා රැඳවියන් 49 දෙනෙකු 2026.02.04 වන දින නිදහස් වීමට සුදුසුකම් ලබා ඇති බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී ගජනායක මහතා පැවසීය.