රජයේ ඩිජිටල් කරන ජාතික වැඩසටහනේ තවත් තිරසර ඉදිරි පියවරක් ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ සේවාලාභින් සඳහා ආරක්ෂිත විනිවිද බවින් යුත් මාර්ග ගත ගෙවීම් සේවාවක් හරහා ඩිජිටල් ආර්ථිකය සක්රීය කිරිම, ප්රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ ද සිදු කෙරිණ.
නාගරික සංවර්ධන අධිකාරියේ https://fmis.uda.lk/login දරන මාර්ග ගත යෙදුම භාවිතා කර පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළේ දැනට ලියාපදිංචි 1400 අධික ව්යාපාරික පිරිසකට govpay හරහා සිය ගෙවීම් කටයුතු බාධාවකින් තොරව සිදු කර ගැනීමේ පහසුකම් සැලසේ.
එමෙන්ම මෙහි ඉදිරි ව්යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ මහල් නිවාස වල පදිංචි 13,500 අධික පිරිසකටද දෙවන අදියර යටතේ ඩිජිටල් වේදිකාවට පිවිස ජල, විදුලි, වරිපනම් බදු ඇතුලු ගෙවීම් පහසුකම් සිදු කර ගැනීමට හැකිවනු ඇත.
රජය දියත් කරන මෙම ඉදිරිගාමී වැඩපිළිවෙළ සාර්ථක කරගැනිමට ජනතාව, ව්යාපාරික ප්රජාව, වෙළෙඳ සංගම් නායකයින් ද මැදිහත් විය යුතුයි. පිළිවෙල හදාගත යුතුයි. තිබෙන සම්පත් ප්රතිසංවිධානය කරගන්න. නාගරික සංවර්ධන අධිකාරියේ පාර්ශවයෙන් අවශ්ය ප්රතිපාදන, උපදෙස්, තාක්ෂණ පහසුකම් ලබා දීමට කටයුතු කරනවා. මෙම ජාතික වැඩපිළිවෙළ යථාර්තයක් කරගැනීමට ව්යාපාරික ප්රජාව ලෙසද නව සැලස්මක් සලසා ගැනීම මෙහි සාර්ථකත්වයට පිටුවලක් වෙනවා.