Tuesday, February 03, 2026
Follow Us
පරිසරය අමතක කර සිදු කරන සංවර්ධනයක් ලෝකයේ නැහැ- අගමැතිනී

පරිසරය සුරැකීම දිනකට පමණක් සීමා නොකර එය දෛනික ජීවිතයේ කොටසක් බවට පත් කරගත යුතු බවත්, පරිසරය අමතක කර සිදු කරන සංවර්ධනයක් ලෝකයේ නොමැති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

බත්තරමුල්ල “අපේ ගම” පරිශ්‍රයේ අද (02) පැවති ලෝක තෙත්බිම් දිනය සැමරීම වෙනුවෙන් “තෙත්බිම් හා සම්ප්‍රදායික දැනුම හා සබැඳුණු සංස්කෘතික උරුමය සුරකිමු” රාජ්‍ය උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

මෙහිදී ගෝනමෙරියාව ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර දිය ඇලි නාමාවලිය (Waterfall Directory), දිය ඇලි මාර්ගෝපදේශ සහ “තෙත්බිම් ශ්‍රී ලංකා” සඟරාව එළිදැක්වීම සහ ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් පැවැත්වූ සමස්ත ලංකා චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයින්ට සහතික පිරිනැමීම ද සිදුකෙරිණි