Tuesday, February 03, 2026
Follow Us
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු දරුවන්ට ස්නැප්චැට් තහනමක්

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු සමාජ මාධ්‍ය තහනම යටතේ 'ස්නැප්චැට්' සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි. 

ඒ අනුව සමාජ මාධ්‍ය තහනම යටතේ ‘ස්නැප්චැට්‘ සමාජ මාධ්‍ය ගිණුම් 415,000ක් මෙලෙස අවහිර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  

පසුගිය වසරේ දී ඔස්ට්‍රේලියාව විසින් නව නීති සම්පාදනය කරමින් වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීම සිදු කළ අතර මේ වනවිට ස්නැප්චැට්, මෙටා, ටික්ටොක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යන් මෙලෙස තහනම් කිරීමට පියවර ගෙන ඇති බව  විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා.