Tuesday, July 02, 2024
Follow Us
උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 28ක උමං මාර්ගයේ ඉදිකිරීම් 32% අවසන්
මහවැලි ජල සුරක්ෂිතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිවන උතුරු මැද මහඇල ව්යාපෘතියේ වැඩ මේ වන විට සිදුවෙමින් පවතී. මෙහිදී මොරගහකන්ද හා කළුගඟ ජලාශවලින් උතුරුමැදට ජලය රැගෙන ඒමට සැලසුම්කර ඇත. මෙම මහ ඇලෙහි ඉදිකීරීම් අවසන් වූ පසුව එහි සමස්ත දිග ප්රමාණය කිලෝමීටර් 96 කි.
ඇල මාර්ගය ඉදිකිරීමේ දී පලුගස්වැව හා මහමීගස්වැව යන ප්රදේශවල දී කඳු සහිත ස්ථාන හමුවන නිසා සමස්ත ඇලෙන් කිලෝමීටර් 28ක දුරක් ජලය රැගෙන යාමට සැලසුම්කර ඇත්තේ උමං මාර්ගයක් ඔස්සේ යි. එම උමං මාර්ගයේ දිග කිලෝමීටර් 28 කි. උමං මාර්ගය ඉදිකිරීමෙන් පසුව එය දකුණු ආසියාවේ දිගම උමං ඇල මාර්ගය ද වේ. මෙම උමං මාර්ගය ඉදිකිරිමට වැයවන මුදල රුපියල් මිලියන 49,000 කි.
දැනට ඉදිකිරීම් අරඹා ඇති මෙම උමං මාර්ගයේ ප්රගතිය විමසා බැලීමට හා එහි ක්ෂේත්ර චාරිකාවක නිරත වීමට අනුරාධපුර දිස්ත්රික් ලේකම් ජනක ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් පසුගිය දා එහි පැමිණියහ.
උමං මාර්ගයේ ඉදිකිරීම්වලින් සියයට 32 ක පමණ ප්රමාණයක් මේ වන විට අවසන්කර ඇති බවත් 2026 වර්ෂයේ මාර්තු මාසය වන විට උමං මාර්ගයේ සමස්ත ඉදිකිරීම් අවසන් කිරීමට ද නියමිත බවත් උමං මාර්ග ව්යාපෘතියේ අධ්යක්ෂ ඉංජිනේරු බී.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.සෙනෙවිරත්න බණ්ඩා මහතා ප්රකාශ කළේය.
උමං මාර්ගය ද ඇතුළුව උතුරු මැද මහ ඇල සමස්ත ව්යාපෘතියම අවසන් වූ පසුව ජලාශ, අමුණු,කුඩා වැව් හරහා පානීය ජලය ලබා දීමේ අවස්ථාව උදාවේ. එමෙන්ම මෙම ව්යාපෘතියෙන් පෝෂණය වන කුඩා වැව් සංඛ්යාව 1505 කි. මිරිදිය මතස්ය කර්මාන්තය ද දියුණු මට්ටමකට පැමිණේ. අලි මිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණින් වන රක්ෂිත ස්ථාපනය කිරීම ද මෙම ව්යාපෘතිය හරහා සිදුකරයි. සත්ත්ව පාලනයට ද පහසුකම් සැලසෙන අතර සංචාරක කර්මාන්තයට ද මේ තුලින් විභවතාවයන් නිර්මාණය වේ.
මෙම ප්රගති සමාලෝචන රැස්වීමට හා ක්ෂේත්ර චාරිකාවට අතිරේක දිස්ත්රික් ලේකම් සන්ධ්යා අබේසේකර මහත්මිය , පලුගස්වැව ප්රාදේශිය ලේකම් අයි.ජී. ඒ. ආර්. එස් .අයි. බණ්ඩාර මහතා සහ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද එක්වූහ.