උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19) සිදු විය.
මාලදිවයින පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් අස්ලාම් මහතා හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2024.01.18 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනෙකුත් නිලධාරීන් ඊයේ (17) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී අමාත්‍ය කංචන විජේසේකර මහතා හමු විය.
උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අඛණ්ඩ සහයෝගීතාව පිළිඹිබු කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් වටිනා සූරියකාන්ත තෙල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.
ජීවිත ආරක්ෂක කබා නොදුන්නාට මවුපියන්ගෙන් චෝදනා
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ බරෝඩරා නුවර හරිනි නමැති වැවේ සවාරියක් ගිය බෝට්ටුවක් පෙරලී යෑමෙන් පාසල් සිසුවියන් 12ක් සහ ගුරුවරියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. පෙරේදා පස්වරුවේ මේ අනතුර සිදු වීමෙන් පසු බෝට්ටුවේ ගමන් කළ තවත් සිසුවියන් 18 දෙනකු සහ ගුරුවරුන් දෙදෙනකු ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇතැයි ද වාර්තා වේ.
2024 රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා චීන සංස්කෘතික ප්‍රවර්ධන, බෞද්ධ සංස්කෘතික හා කලා සංගමය සමඟ චීනයේදී සාකච්ඡාවක නිරතවිණි.
Pathfinder Shipping said yesterday, it is, with Indian and Norwegian partners, ready to re-establish the ferry link between six to nine months after approvals are granted.
භූතානයේ පසුගියදා පැවැති මහමැතිවරණයෙන් එරට හිටපු අගමැතිවරයකු වන ට්ෂෙරින් ටොබ්ගි ජයග්‍රහණය අත්කර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටෙබේ (Entebbe) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෙන්සීස් (Menzies) ගුවන් සේවයේ සභාපති හසන් එල්-හූරී (Hassan El-Houry ) මහතා අතර හමුවක් පවත්වා තිබේ.
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ අද (19) උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ඊට එක්ව සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා ( Tharman Shanmugaratnam) අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ඊයේ පැවැත්විණි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති, The Climate Reality Projectහි නිර්මාතෘ සහ සභාපති ඇල් ගෝර් (Al Gore) මහතා අතර හමුවක් පැවැත්විණි.
ආසියා ශාන්තිකර වෛද්‍ය අධ්‍යාපන සමුළුව (Asia Pacific Medical Education Conference - APMEC) මෙවර ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙයි.
තෙල් අපනයනයෙන් ධනවත් රාජ්‍යයක් බවට පත් වූ බෘෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සානල් බොල්කියාගේ සිව්වැනි පුත්‍රයා වන අබ්දුල් මටීන්ගේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
Page 51 of 379