Sunday, April 20, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු සහය

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙල සඳහා කැනේඩියානු රජයේ සහයෝගය තවදුරටත් ලබා දෙන බව ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමග මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවන දීය.

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාව සිදු කරන ලද ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් එතුමා ප්‍රශංසාව පළ කල අතර එහි දී මෙරට ආර්ථිකය ස්ථායීකරණය කිරීම සඳහා සිදු කළ ප්‍රතිසංස්කරණවලදී ජනතාව පෙන්නුම් කළ සහයෝගය හා කැපවීම සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අදහස් පළකළේය.

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී කැනඩා රජයේ සහයෝගය තව දුරටත් ලබා දෙන බව මහකොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළ අතර කෘෂිකර්ම නවීකරණ වැඩසටහන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහයවීම සම්බන්ධයෙන් රජයේ ප්‍රමුඛතාවය ලබා දීම පිළිබදව ද මෙහිදී සාකච්ජා කර තිබේ.